ට්‍රම්ප් කාගේ කව්ද? මොකාටද එන්නේ?……….

donald-trump-aඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් (උපත: 1946 ජූනි 14) මුලික වශයෙන්  ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධනය සහ හෝටල් ප්‍රධාන  ව්‍යාපාරයි. ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘ.

 *තුන්වරක්‌ විවාහ වූ. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙයවිය..

 *ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද – චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද – මෙක්සිකෝ මායිම දිගේ ප්‍රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුලත්ය.

 *එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකවdonald-trump-wife අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි.

  *ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.

* ඇමරිකා එක්සත් ජනපදයේ නීති පද්දතිය හැසිරවීමේ හැකියාවක් තමන්ට තිබුනේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි හිලරි ක්ලින්ටන් සිරගත කරන බව පැවසීය ඒ හිලරි ක්ලින්ටන් මහත්මිය හා සම්බන්ධ ඊමේල් පණිවිඩ වංචාවක් සම්බන්ධයෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.