තුර්කිය දඩයම අරඹයි…

 

Media 2-1පසුගියදා අසාර්ථක වූ හදිසි හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පනවා ගත් හදිසි නීතිය අතරතුර පුවත්පත් 45 ක් රූපවාහිනී ආයතන 16 ක් හා ප්‍රවෘත්ති ඒජන්සි 3 වසා දැමීමට කටයුතු කළ බව එරට   රාජ්‍ය පුවත් ඒජන්සිය වූ “අනඩොලු” වාර්තා කළේය.

මේ කුමන්ත්‍රණ ප්‍රයත්නය තුළ පැන නැගුණු තර්ජනය තුරන් කර දැමීමේ පියවර ගෙන ඇති බව එරට ජනපති රෙයිප් ඒඩොගාන් පසුගිය දා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. රාජ්‍යය මුලුමනින්ම පවිත්‍ර කිරීමක් ලෙස සලකමින් නිලධාරීන් දස දහස් ගණන් සේවයෙන් ඉවත් කිරීමට ඔහු පසුගිය දෙසතිය පුරාම පියවර ගත්තේය.

තුර්කි ගුවන් විදුලි අධිකාරිය ගිය සතියේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලික විශාල සංඛ්‍යාවක බලපත්‍ර අහෝසි කළේය. “අනඩොලු” රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරන ආකාරයට එම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා කුමන්ත්‍රණ ක්‍රියාවලියේදී එම කුමන්ත්‍රණය මෙහෙය වූ බව කියන ඇමරිකාවේ වෙසෙන තුර්කි ජාතික පූජකයෙක් වූ ෆෙතුල්ලා ගුලේන් හා සම්බන්ධ බව ජනපති එඩොගාන් පැවසීය.

දැනට ඇමරිකාවේ වෙසෙන ගුලෙන් තමන්ට භාරදෙන ලෙස ඇමරිකා රජයෙන් තුර්කිය ඉල්ලීම කර තිබේ. එහෙත් මේ ප්‍රහාරයට තමන් සම්බන්ධ නැති බව ගුලේන් පවසයි.

නිල නොවන වාර්තා අනුව තුර්කි රජය මේ වනවිට මාධ්‍ය හා ප්‍රකාශන  ආයතන130 වසා දමා තිබේ…

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.