තුර්කි කුමන්ත්‍රණයේ වරද කරුවන්ට මරණීය දඩුවම ?

 

කුමන්ත්‍රණය කළ බව කියන තුර්කි ජාතික පූජකවරයා වූ ෆෙතුල්ලා ගුලේන් හා තුර්කි ජනාධිපති එර්ඩොගාන්
කුමන්ත්‍රණය කළ බව කියන තුර්කි ජාතික පූජකවරයා වූ ෆෙතුල්ලා ගුලේන් හා තුර්කි ජනාධිපති එර්ඩොගාන්

අසාර්ථක තුර්කි කුමන්ත්‍රණයට සහභාගී වූ හමුදා සෙබලුන් ඇතුළු හය දහසක් අත්අඩංගුවට ගෙන තිබේ. තුර්කි ජනාධිපති රෙසෙප් තය්යීප් එර්දොගාන් කියා සිටියේ ඔවුන්ට මරණ දඩුවම පැණවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. තුර්කි හමුදාවේ ජෙනරාල් වරුන්, අණ දෙන නිලධාරීන් මෙන්ම හිටපු හමුදාපති වරුන් හා විනිසුරුවරු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති.

මෙම හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ සිකුරාදාය. කුමන්ත්‍රණය දියත් කිරීමෙන් පසු තුර්කි හමුදාව වෙනස්  කිරීමකට ලක්වන බව එරට අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය. අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් 265 දෙනෙක් මිය ගොස් තිබිණි. කැරළිකාර හමුදා සෙබලුන් 104 දෙනෙක් ඝාතනය කළ බව තුර්කි රජය කියයි. ජනාධිපතිවරයා කියා සිටින්නේ ඇමරිකාවේ සිටින තුර්කි පූජකයෙක් වන ෆෙතුල්ලා ගුලෙන් මේ කුමන්ත්‍රණය මෙහෙයවූ බවකි. එහෙත් ගුලේන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් ගුලේන්  යළි තුර්කියට භාර දෙන ලෙස තුර්කි ජනාධිපතිවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ජනාධිපතිවරයා ග්‍රීසි රජයට දැනුම් දී ඇත්තේ හෙලිකොප්ටරයකින් පලා ගිය හමුදා උසස් නිලධාරින් 8 දෙනා පිටුවහල් කරන ලෙසය. කුමන්ත්‍රණයට සම්බන්ධව බව සැක කෙරුණු විනිසුරුවරුන් 2700 දෙනෙක් තනතුරු වලින් ඉවත් කෙරිනි. අත්අඩංගුවට ගත් විනිසුරු වරුන් ගණන 44 කි. කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන්ට භයානක ප්‍රතිපලවලට මුහුණ දීමට සිදුවනු ඇති බව රජය කීවේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.