දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයින් කබලෙන් ලිපට

South Koreaඋතුරු කොරියාව විසින් මෙහෙය වූ මධ්‍යම ප්‍රමාණයේ තවත් මිසයිලයක් අසාර්ථක වී ඇතැත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සිදුවන ත්‍රස්තකරණය අසාර්ථක වී නැත. Musudan නමැති මධ්‍යම ප්‍රමානයේ මිසයිලය දියත් කිරීමෙන් මද වෙලාවකට පසු අසාර්ථක අයුරින් එය පුපුරා ගිය බව ආරක්ෂක අංශ විශ්ලේෂණ වාර්තා වීමත් සමඟමයි

දකුණු කොරියාව නිහඩව නොසිටින දකුණු කොරියා මාණ්ඩලික ප්‍රධානියා පවසා ඇති අතර ඒ සමඟම එරට සේව්‍ය කරන ශ්‍රී ලාංකිකයින් දැඩි නොසන්සුන් තත්වයකට පත්ව සිටින බව සියෝල් අගනුවර සමුරායි සජ ශාලාවේ සේවය කරන තාරක මාලාවනගේ lankanewsline වෙත පැවසීය.

‘මෙහෙ වැඩ කරන අපේ කට්ටිය හිතන්නේ මොකුත් වේ එකක් නැහැ කියලයි.මොකද මීට පෙරත් මේ වගේ මේ වගේ බිය වැද්දීම් ඒආ තියෙනවා එත්මේ පාර ඉස්සරට වැඩ තත්වය බැරෑරුම් බවයි අපිට හිතෙන්නේ. එත් මොනවා කරන්නද අන්තිම පැය වෙනකම්ම ඉන්නවා යැයි ඔහු පැවසීය.

කිම් ජොන් අන්

Sri Lankansඋතුරු කොරියාව 2011 දී බලයට පත්වුනු දැනට 32 හැවිරිදි ලාබාල උතුරු කොරියානු නායකයා පත් වූ දින පටන්ම උතුරු කොරියාව යමින් සිටින්නේ භයානක මාවතක. කිම් ජොන් අන් විසින් සිය පියා සහ මුත්තා කල පටන් ඉතිහාසය පුරාවට සිය සගයින් ලෙස සහාය දක්වන උතුරු කොරියාවට මායිම්වූ චීනය සහ රුසියාව පවා අනුමත නොකරන දඩබ්බර කම් කරමින් ලෝකයේම තරහ කාරයෙක් ලෙස හැසිරෙන්නේ රාජ්‍යතාන්ත්‍රික නවීන මූළධර්මයන්ත ඹේකට වත් ගනනට නොගනිමින්.

උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවක ගුවනින් හෝ නාවුක මාර්ගයෙන් දකුණු කොරියානු රටෙන් නික්මීම හැර වෙනත් විකල්පයක් එහි වසන විදේශිකයින්ට හිමි වන්නේ නැත.

මේ අවස්ථාවේදී නිසියාකාර ගමන් බලපත්‍ර තිබීම වැදගත්ය. එහෙත් මේ වන විට නිසි අවසරයකින් තොරව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රීලාංකිකයින් ලක්ෂයකට අධික පිරිසක් සිටින අතර දැනටත් අඩු පඩියට සේවය කරන මේ පිරිස හදිසි තත්වයකදී දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දිය හැකි බව තාරක මාලාවනගේ පැවසීය.

සත්තු වත්ත
මේ අතරවාරයේ උතුරු කොරියාවේ සත්තු වත්ත යළිත් විවුර්ථ කොට ඇත. මෙහි සතුන් හට නිසි සත්කාර නොලැබෙන බව වාර්තා වීමත් සමඟම එය වසා දැමින. දැන් මේ සත්තුවත්තේ සිටින චිම්පන්සියා සත්තුවත්තේ ප්‍රේක්ෂකයින් සිනස්සවමින් සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.