දෙවියන් නොවඩින මලකුණු හා රුධිරයේ නගරය…

ඩකා නගරයේ වීදි වල අසරණ සතුන්ගේ ලේ මුසු ජලය ගලා ගිය ආකාරය...
ඩකා නගරයේ වීදි වල අසරණ සතුන්ගේ ලේ මුසු ජලය ගලා ගිය ආකාරය…

බංගලාදේශයේ ඩකා නුවරට අඟහාරුවාදා (12 දා) උදෑසන සිට ඇදහැළුනු ධාරානිපාත වර්ෂාවට ඊද්-උල්-අල්ලා උත්සවය වෙනුවෙන් මරාදමන ලද දස දහස් සංඛ්‍යාත සතුන්ගේ රුධිරය මිශ්‍රවීම නිසා රතුපැහැති ගංඟාවක් මෙන් ගංවතුර නගර සිසාරා ගලා ගියේය. මරාදැමුනු සතුන්ගේ අවශේෂ කොටස් සහ කැටිගැසු රුධිරය නගරයේ තැනින් තැන ගොඩ ගැසී තිබුණි.blood-3

තමන් සිදු කළ මහා සත්ත්ව ඝාතනය පිලිබඳව වගේ වගක් නැති නගර වැසියෝ පළාතේ නාගරික කටයුතු භාර අධිකාරියට දොස් තබමින් දැඩි සේ විවේචනයට ලක්කළේ නගරයේ අපද්‍රව්‍ය පවාහන කටයුතු නිසියාකාර අන්දමින් ක්‍රියාත්මක කිරීමට මෙම ආගමික උත්සවයට පෙර අවධානය යොමු නොකිරීම නිසා මේ තත්වය ඇතිවූ බව කියමිනි.

blood4මෙම තත්වයෙන් පීඩා විඳි නගර දෙකෙහි ස්ථාන 1000 ක උත්සවය වෙනුවෙන් සත්ව ඝාතනය සිදු කිරීමට අවසර ලබා දී තිබුනි.

අඟහාරුවාදා උදෑසන 7.30 වන විට නගරයේ ඉඩකඩ ඇති විවිධ ස්ථානවල සතුන්ගේ අවහේෂ කොටස් ගොඩගසා තිබෙනු නගර වැසියන් දක්නා ලදි.මහමාර්ග සත්ත්ව රුධිරයෙන් සහ අපද්‍රව්‍යයන්ගෙන් පිරී යමින් තිබුනි.

ඩකා නුවර Dhaka Tribune reporters වාර්තාකරු පවසා සිටියේ සමහර පුද්ගලයින් ඔවුන් විසින් ඇති දැඩි කල සතුන් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිටදී මරා දැමුණු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.