නරේන්ද්‍ර මෝදි වෙත තර්ජනාත්මක පණිවිඩයක් රැගෙන ගිය පරවියෙකු අත්අඩංගුවට

narendra-modiඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  වෙත  යැවුණු තර්ජනාත්මක පණිවිඩයක් රැගෙන ගිය පරවියෙකු පකිස්තාන  දේශසීමාවේදී පංජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දු පකිස්තාන් දේශ සිමාවේ පිහිටි පතන්කොට් නම් ගම්මානය ආසන්නයේදී මෙම පරවියා  පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. මෙම පතන්කොට් ප්‍රදේශයේදී ජනවාරි මාසයේදී පකිස්තාන ත්‍රස්තවාදීන් ඉන්දීය ගුවන් හමුදා කදවුරක් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. පොලිස් පරීක්ෂක රාකේෂ් කුමාර් කියා සිටියේ උර්දු බසින් ලියවුණු  පණිවිඩයක් පරවියා ලඟ  තිබී තමන්ට හමුවූ බවයි.  එම පණිවිඩයේ  ලියා  තිබුනේ  “මෝදි අපි 1971 හිටපු එවුන් නෙවෙයි. අපි හැම එකාම, හැම දරුවෙක්ම පවා ඉන්දියාවට එරෙහිව සටනට සුදානම් ” යනුවෙනි . මෙම කටයුත්ත  පකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායමක් වන ලස්කාරි තිවා හෙවත් LET කණ්ඩායම විසින්  කරන ලද්දක් බවයි පොලිසිය කියා සිටින්නේ. මිට පෙර පංජාබය ආසන්නයේදී ඉන්දීය අගමැති මෝදි වෙත උර්දු බසින් ලියවුණු තර්ජනාත්මක ලිපි සහිත බැලුනයක්ද පොලිසියට හමුවී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.