පකිස්ථාන් සරාගී තරුව මරා දැමූ සොයුරා කොටුවේ…

Qandeel baloch 1පකිස්ථානයේ ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලා ‘තරුව’ බවට පත්වී සිටි කන්දීල් බලෝච් නම් විසි හය හැවිරිදි තරුණිය මරා දැමූ බවට සැක කෙරෙන ඇගේ සහෝදරයා‍ ඊයේ (16) පකිස්තානු පොලිසියේ අත්අඩංගුවට පත් වුනේය.

කන්දීල්ගේ සොයුරා වූ විසිපස් හැවිරිදි වසීම් බලොච් අත්අඩංගුවට ගනු ලැබුවේ මධ්‍යම පකිස්ථානයේ දෙරා ගාසි ඛාන් හිදී   සෙනසුරාදා (16) රාත්‍රියේ දීය.

කන්දීල් බලෝච් නිරෑපිකාවක් වූවාය. තම නැගණියගෙන් ඇයගේ වෘත්තීය අත්හරින ලෙස නිරතුරුවම ඉලා සිටියද ඇය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බව පවසා තිබූ ඇගේ සොයුරා කන්දීල්ව ගෙල මිරිකා මරා දැමූ බව මධ්‍යය හමුවේ පිළිගත්තේය. සොයුරා විසින් ඇයව දමා තිබුණේ පවුලේ කුල ගෞරවය ආරක්ෂා කරගන්නටය.

නූතන ස්ත්‍රී වාදිනියක් ලෙස කටයුතු කළ ඇය ඇගේ ලිංගික ආකර්ෂණය ඉස්මතු කෙරෙන ඡායාරුප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවලට එක්කිරීමෙන් ජනප්‍රියවී සිටියාය.

ගතානුගතික මත දරන්නන් වාර ගණනකදී කන්දීල්ට මරණ තර්ජන එල්ල කර තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.