මහ ඇමතිනී ජය ලලිතාගේ රෝහල් ඇඳ වටා රහස් දැලක්

Jayalalithaa Jayaramමේ දිනවල ප‍්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහ ඇමතිනී ජෙයරාම් ජෙයලලිතාගේ රෝගී තත්තවය වටා අධි රහස් තත්වයක් පැන නැගී ඇතැයි ඇගේ පාක්ෂිකයින් මෙන්ම විපක්ෂයක් පෙන්වා දෙයි.

ජයලලිතා දැනට ඉතා දැඩි ආරක්ෂාවක් සහිතව ඇපලෝ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නීය. ඇයගේ වෛද්‍යවරයා වන සුභාෂ් විශ්වනාදන් කියා සිටින්නේ ඇය විජලනය සහ උණට ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ වන විට ඇයගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින නමුත් තව දින කිහිපයක් ඇයට රෝහලේ ගත කිරීමට සිදුවන බවයි වෛද්‍යවරයා පවසන්නේ. මේ අතරවාරයේ ලන්ඩනයේ සිට විශේෂඥ වෛද්‍ය රිචඞ් ජෝන් බීල් ඇයට ප‍්‍රතිකාර කිරීමට පැමිණ සිටින අතර ඔහුගේ ප‍්‍රතිකාර පිළිබඳව කිසිවක් දැනගන්නට නැත.

ජයලලිතා රෝහලේ පසුවූවත් ඇගේ ප‍්‍රතිවාදියා වන මුතුවේල් කරුණානිධි නිහඩ නැත. ඔහු කියා සිටින්නේ මහ ඇමතිනීගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තමිල්නාඩු ප‍්‍රාන්ත ආන්ඩුව වහාම ප‍්‍රකාශයක් නිකුත් කල යුතු බවයි. එසේ නොකිරීම නිසා ඇගේ පාක්ෂිකයින් මෙන්ම තමිල්නාඩු ජනතාවත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවයි 93 හැවිරිදි මුතුවේල් කරුණානිධි පවසන්නේ. මේ අතර වාරයේ මහ ඇමතිනිය ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙන යන බවට වාර්තා පල වී ඇතත් එම වාර්තා ඉන්දීය රජය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.