මියුනිච් ප්‍රහාරකයෝ නිදැලලේ

People leave the Olympia mall in Munich, southern Germany, Friday, July 22, 2016 after several people have been killed in a shooting. (AP Photo/Sebastian Widmann)
(ඔලිම්පියා සාප්පු සංකීරණයෙන් පිරිස් ඉවත්කළ අයුරු)

ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ ඊයේ (22) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රහාරකයන් දැඩි සෝදිසි කිරීම් මධ්‍යයේවත් මෙතෙක් සොයාගැනීමට ජර්මන් පොලිසියට නොහැක වී තිබේ. මේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 6 දෙනෙක් මිය ගිය බව මියුනික් පොලිසිය සනාථ කරනු ලැබීය.

මෙහෙයුම්වල ඡායාරූප පල නොකරන මෙන් පොලිසිය ඉල්ලා තිබිණි. මියුනික් නුවර ශ්‍රී ලාංකිකයෝ 500ත් 600ත් අතර ප්‍රමාණයක් ජීවත්වෙති. එහෙත් කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ ප්‍රහාරයෙන් පීඩාවට පත්වී නැත.

කෙසේ වෙතත් ප්‍රහාරකයන් සොයාගත නොහැකි වූ නිසා මියුනිච් වැසියන්ට තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන පොදු ස්ථානවල නොරැදී සිටින්නයි ඊයේ පොලිසිය අවවාද කලේය. නගරයේ දැවැන්ත පොලිස් මෙහෙයුමක් අරඹා තිබිණි.  මියුනික් නගරයේ සියලු ප්‍රවාහන සේවා වසා දැම්මේය. නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිටි මගීන් ඉවත් කරනු ලැබුවේය.මේ අතර නගරයේ අතරමංවූ ජනතාවට නොමිලේ නවාතැන් පහසුකම් සැපයීමට නගර වැසියෝ ඉදිරිපත් වූහ.දොර විවෘතයි යන අර්ථය දෙන  #Offenetuer හෑෂ්ටැගය යොදාගෙන ඔවුහු ඒ සද් කාර්යයේ නිරත වූහ.

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.