රත්තරන් මිනිහා…

USEN BOLTලෝකයේ බිහිවු විශිෂ්ඨම ක්‍රීඩයකා ලෙස ඉතිහාසගත වූ උසෙන් බෝල්ට් තමා උත්තුංග මනුෂ්‍යයෙක් බව යළිත් ලෝකයට කීවේය.

ඔලිම්පික් ඉතිහාසයේ පුරාවෘතයක් වීමට නියමිත මේ විශිෂ්ට මනුෂ්‍යයා 2016 රියෝ ඔලිම්පික් උළෙල අවසන මව් රට බලා පැමිණි පසු තමන් විසින් දිනාගත් රන් පදක්කම්වලට හිමි ඩොලර් මිලියන 20 ක මුදල මුලුමනින්ම තමන් අධ්‍යාපනය ලද  ජැමෙයිකාවේ ෆැල්මවුත් හි පිහිටි විලියම් ක්නිබ් අනුස්මරණ පාසලට පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.

මෙම මුදල පාසලේ මළල ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහන් වලට උදව් වනු ඇති බව ජැමෙයිකා මාධ්‍යය වාර්තා කළේය. බෝල්ට් මේ ප්‍රදානය කරන මොහොත වනවිට ආර්ථික දුෂ්කරතා නිසා එම වැඩසටහන්  සීමා කිරීමේ තීන්දුවකට පාසල් බලධාරීහු පැමිණ සිටියහ.

එමෙන්ම මේ ප්‍රදානය කළ බෝල්ට් සෑම මසකට එක් දිනක් බැගින් ලබන වසර පුරා පැමිණ පාසලේ මළල ක්‍රීඩා පුහුණු කිරීමට උදව් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කළේය.

අපටත් අපේ ක්‍රීඩා ඉසවු වල ලෝකය දිනූ සුපිරි ක්‍රීඩකයෝ කොතෙකුත් සිටිති. එහෙත් උසේන් බෝල්ට් වැනි උස් සිත් ඇති මනුෂ්‍යයන් හමුවන්නේ නැත. පිළිකා රෝහල් තනන්නට ආධාර එකතුකර ඒවාත් පිල්ලි ගහන උදවිය ගැන මිස මෙවැනි සද් සිතැති මිනිස්සු දකින්නේ නැත. දුක ඒ ගැනය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.