ශ්‍රී ලාංකිකයින් ගේ මනාපය ක්ලින්ටන්ට -දැන් කනස්සල්ලෙන්……….

hillary-clinton-14සැන් ෆ්රැන්සිස්කෝ සිට www.lankanewsline.com වෙත කථා කළ ශාන්තසිරි අළුත් ගේ කියා සිටියේ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ මනාපය වැඩි වශයෙන් හිලරි ක්ලින්ටන්ට හිමිවූ බවයි.  ශ්‍රී  ලාංකිකයින් වැඩිදෙනා ට්‍රම්ප් ව දැක්කේ සුදු අධිපතිවාදි මතය වෙනුවෙන් පෙනී සිටී අපේක්ෂකයෙක් හැටියටයි.සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් හිලරි ඊට වඩා මධ්‍යස්ත මතයක් දාරුවා”

අවසන් ප්‍රතිපලය පිළිබඳව විමසු විට අළුත්ගේ කියා සිටියේ ‘ මේකත් ලංකාවේ ජනවාරි 8 ඡන්ද සටන වගේමයි.මේක ගල උඩ කෙරෙන සටනක්.මොනවා වෙයිද කියන්න බැහැ.හැබැයි හිතපු නැති විදියට ට්‍රම්ප් ඉස්සරහට ඇවිල්ලා.” විශාල පාවෙන ඡන්ද ප්‍රමාණයක් ඇති ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට ලැබීමත් සමඟම තරඟයේ ශ්‍රී ලංකිකිකයින් කනස්සල්ට පත්ව සිටින බව අළුත්ගේ වැඩිදුරටත් පැවසීය.

ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයින්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.