අභිරහස් මරණයෙන් ආනමඩුව කැළඹේ..

 

drowned-women-ආණමඩුව නගරයට කිලෝ මීටර් හත අටක දුරින් පිහිටි වල්පාලුව ලීකොළවැව ප්‍රදේශයේ සිදුවී ඇති තරුණියකගේ අබිරහස්‌ මරණයක්‌ හේතුවෙන් එම ගම් ප්‍රදේශයම මහත් සේ කැළඹීමකට ලක්‌ව ඇත.

ලීකොළවැව ගමේ ඇති සුවිසල් පාඬියාමඩුව ජලාශයේ දියේ ගිලී තිබී දින කීපයකට පසුව හමුවූ මෙම හිරිමල් වියැති තරුණිය කිසියම් පුද්ගලයකු හෝ පිරිසක්‌ විසින් කිසියම් අපරාධයක්‌ කොට මරා ජලයේ ගිල්වා දමා ඇතිබවට ගම්මු සැක පළ කරති.

මෙසේ අභිරහස්‌ ලෙසින් මියගොස්‌ ඇත්තේ රන්කොත් පේඩිදුරයලාගේ ශිරෝමී හෙවත් “සාරා” නමැති විසිතුන් හැවිරිදි තරුණියකි.

පසුගිය 10 වැනිදා රාත්‍රි 8.00 ට පමණ නිවසින් අතුරුදන් වූ ඇය යළි හමුවූයේ 13 වැනිදා පාඬියාගමුව වැවේ දියේ ගිලී ප්‍රාණය නිරුද්ධව මියගිය තැනැත්තියක ලෙසටය. වැව මධ්‍යයේ පාසි ගල් අස්‌සේ තිබී ඇයගේ දේහය හමුවන විටදී යටි කය සම්පූර්ණයෙන්ම නිරාවරණය වී තිබූ අතර උඩුකයෙහි පමණක්‌ ඇඳුම් රැඳී තිබිණි. දින කීපයක්‌ දියේ තිබූ හෙයින් සිරුර දැඩි ලෙස ඉදිමී විකෘති වී තිබූ අතර ඇස්‌ නෙරා දිව එළියට ඇදී තිබූ බව පොලිසිය කියයි.

වැවෙහි මසුන් මැරීමට ගිය පිරිසක්‌ වැව් දියෙහි පාසි අස්‌සෙන් මතුවී තිබූ සිරුර දැක ආණමඩුව පොලිසියට දැනුම්දී ඇත. පසුව ආණමඩුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ජයවර්ධන මහතා පැමිණ සිරුර ගොඩ ගන්නා ලෙස දැනුම් දුන් අතර ඒ වන විටත් ඇයගේ සිරුරෙහි හිස පෙදෙස පාසි ගොල්ල අස්‌සේ සැඟවී තිබුණි.

දේහය පුත්තලම රෝහලට ගෙන ගොස්‌ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා විසින් 15 වැනිදා පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය පවත්වන ලදී. එහිදී ඒ මහතා මෙය සැක කටයුතු මරණයක්‌ බවත් බොහෝදුරට මිනී මැරුමක්‌ විය හැකි බවත් කෙසේ වෙතත් සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමෙන් පසු වැඩිදුර නිගමන ඉදිරිපත් කළ හැකි බවත් දන්වන ලදි

ආනමඩුව ටෙරන්ස් වනිගසිංහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.