අළුත් මාධ්‍ය විධි විධාන මාධ්‍ය හිර කරයිද-නිදහස් කරයිද?……………..

mediaමුද්‍රිත මාධ්‍ය, විද්යුත් මාධ්‍ය සහ මෙරට ලියාපදිංචි වෙබ් අඩවිවල ප්‍රවෘත්ති අන්තර්ගතය අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිති හා ක්‍රමවේද අනුව නියාමනය කිරීම සඳහා ස්‌වාධීන මණ්‌ඩලයක්‌ ස්‌ථාපිත කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියා සිටී. ඒ සඳහා මහජනතාවගේ අදහස්‌ හා යෝජනා විධිමත් පරිදි ලබාගැනීම සඳහා යෝජනාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත් එම යෝජනාවට එහිදී අනුමැතිය හිමි වූ බවත් ඇමැතිවරයා කීය.

නිදහස්‌,ස්‌වාධීන හා බහුවිධ ජනමාධ්‍ය සංස්‌කෘතිය සුරක්‍ෂිත කරමින් ප්‍රමිතියකින් යුතු ප්‍රවෘත්ති මහජනතාව වෙත ලබාදීම සහ ජනමාධ්‍යයේ වෘත්තීමයභාවය සහ ආචාර ධර්ම ප්‍රවර්ධනය කිරීම මේ මගින් අරමුණු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්වයංනියාමනය. මෙම පණත කෙටුම්පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සේවය කොට විශ්‍රාම ලත් විශේෂඥයෙක්
ඇතුළු තවත් කීප දෙනෙකුගේගේ සේවාව ලබාගෙන ඇති බව වාර්තාවේ. ඉතා පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහතක ඉතා සීමිත වපසරියක් ආවරණය කරන යෝජනා කීපයක් ඉදිරිපත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

මෙම යෝජනාවලියේ මුලික අදහස වන්නේ ස්වයංනියාමනයයි. එහෙත් දඬුවම් කිරීමේ බලතල පිළිබඳවද කරුණු දක්වා ඇත.
මාධ්‍යට තොරතුරු එකතු කිරීමට ඇති අයිතිය සහ විවේචනාත්මකව තොරතුරු හෙළිදරව් කිරීමට ඇති පිළිගැනීම මේ මගින් නිර්දේශ කොට ඇත. මේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමක් පත කෙරෙන අතර එහි ප්‍රධානි තනතුර විශ්‍රාමලත් විනිසුරුවරයෙකුට හිමිවේ. ගැටළුව වන්නේ දණ්ඩන බලය ඇති උසාවියෙන් පිට ඇති ආයතනයකට මාධ්‍ය නිදහස තහවුරු කළ හැකිද යන්නයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.