උද්ගෝෂණ කිරීමට අයිතිය ඇත්තේ යහපාලනයට පමණද?

_84705172_hi028121489යහපාලන ආණ්ඩුව තම ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි ලොවට පෙන්වමින් සිටියි.

පසුගියදා යහපාලනයට සහයෝගය දක්වන්නන්ගේ රැළියක් ලිප්ටන් වට රවුමේදී පවත් වුනි. පොලිසියේ ඇසට පෙනී යන ආකාරයට එමගින් එකදු මිනිසේකුටවත් අවහිරයක් සිදු වී නැත.

එදිනම පැවති අන්තරේ උද්ගොෂණයෙන් පමණක් මිනිසුන්ට කරදර වී තිබේ.

සිංහල රාවයට හා විමල් වීරවංශට ජන ජීවිතයට බාධා කරමින් උද්ගෝෂණ මෙහයවූ බවට චෝදනා කරමින් ඊයේ (18) උසාවි ගෙනයනු අපි දුටුවෙමු,

යහපාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය රෙද්දපල්ලෙන් බෙරෙනවායයි කියනවා හැරෙන්නට වෙන කුමක් කිව යුත්දැයි අපි නොදනිමු.

මිනිසුන්ට අවහිර නොවන පරිදි උද්ගෝෂණය කළ හැක්කේ පොඩි උන්ට උන්ගේ අම්මලා හා තාත්තලාට විරුද්ධව තම නිවසේ පමණි.

ඕනෑම මිනිසෙකුට තම භාෂණයේ නිදහස දී තිබේ කැමති මතයක් දැරීමේ අයිතියද ඇත තමාගේ මතය ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ අයිතියද ඇත.

එදා රතු පස්වල සිද්ධිය මැතවරණ වයපාරයේදී තලු මැරු යහපාලනයට අද තමන් කරන්නේ  ඒ දේම නොවේද යන වග තේරුම් ගැනීමට නොහැකිව සිටිනවද නැතහොත් තේරුම් ගෙන හිත අමතාම සිදු කරනවාදැයි අපි නොදනිමු.

මේ සියලු ක්රියාවන්ගෙන්ම සිදු වන්නේ ප්‍රති විප්ලවය වඩාත් ශක්තිමත් වීම පමණකි.

මහින්ද රාජපක්ෂට මොනතරම් චෝදනා තිබුනද ඔහුව විවේචනය කිරීමට විපක්ෂයට අවසර තිබුනේය.

දැන් තත්වය වෙනස්ය විරුද්දව කතා කළහොත් පක්ෂ සාමාජිකත්වය ගැන අදහස හිතින් අත්හැර ගැනීමට සිදුව තිබේ.

අවසානයේ හැට දෙලක්ෂයක් වූ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  ලබා දුන් චන්දය ජනතාවගේ මුහුණටම ප්‍රජාතන්ත්‍රවාදයෙන් දමා ගැසීමට තරම් වෙනස මාරම වෙනසක් විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.