එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කවුද?… හිතෙන හැටි ගැන කියලා යන්න…

unpඑක්සත් ජාතික පක්ෂය ආරම්භ කර දශක හතක් සම්පූර්ණ වුණේය. 70 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 06  වැනිදාට ය. එම සංවත්සර උළෙල එක්සත් ජාතික පක්ෂය විසින් අද සමරන්නේය. ඒ කොළඹ කැම්බල් පිටියේදීය.

මහාමාන්‍ය ඩී.එස් සේනානායක විසින් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය 70 වන සංවත්සරය සපුරන මේ මොහොතේ ඔවුන් මුහුණ පා සිටින ප්‍රධාන අභියෝගයක් වේ. ඒ පක්ෂයේ මීලඟ නායකයා කවුද යන්න පිළිබඳවය.  මෙය මේ වනවිට පක්ෂය මුහුණ දී ඇති විශේෂ අභියෝගයක් වන්නේය. ඊට හේතුවක් වේ.

එක්සත් ජාතික පක්ෂය ආරම්භකළ දිනයේ සිට වර්ෂ 1994 තෙක්ම පක්ෂයට අතිශයින් ප්‍රභල දෙවන පෙළ නායකත්වයක් අඛණ්ඩව බිහි වී තිබුණේය. පක්ෂයේ අනාගත නායකයා පසුපෙළින් මතුවී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක් කළේය. පක්ෂ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මේ සංතතික තත්වය හදුනා ගත හැකිය.

එහෙත් අවාසනාව වන්නේ පක්ෂය 70 වියට පා තබන මොහොතේ මීලග නායකයා කවුද යන්න පිළිබදව පැහැදිලි නොවීමය. මේ පසුබිම තුළ පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ අනාගත නායකයා පිළිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතා කළේය. ඔහු කියා සිටියේ පක්ෂය අසූ වැනි වියට පා තබන මොහොතේ තමන් නව නායකයෙකුට පක්ෂය භාර දෙන බවය.  ඊට තව අවුරුදු 10 තිබෙන බව සැබෑය. අවුරුදු 10 කුඩා කාලයක් නොවන බවත් සැබෑය. ඒ වසර 10 තුළ තවත් මොන මොන දේ සිදුවනු ඇත්දැයි අප දන්නේ නැති බවත් සැබෑය. එහෙත් අවුරුදු 10 ක් ගතවීමෙන් අනතුරුව පහළවීමට නියමිත ඒ වාසානාවන්ත පුද්ගලයා කවුදැයි දැනගන්නට අපටත් කුකුසක් උපදින්නේය.

කෙසේ වෙතත් තව අවුරුදු 10 න් පහළවන ඒ නව නායකයා ලෙස මතුවීම සදහා  වූ සීතල යුද්දයක් පක්ෂය තුළ ඇති වී තිබේ.  80 වැනි සංවත්සරයේ නායකයා වීමේ සිහිනය දැන් කිහිප දෙනෙක් තුළ ඉපදී ඇත. මේ සිහින දකින්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන සහ දයා ගමගේය.

sajithසජිත් ප්‍රේමදාස

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ එකම පුත්‍රයාය. ඒ නිසාම සජිත් ප්‍රේමදාස ඉන්නේ අංක එකේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අනුදත් දේශපාලන ක්‍රමය අනුව පොඩි මිනිසුන් සමග ජීවත් වන වග පෙන්වීමට ප්‍රියය. ඔවුන්ට සහන සලසා දෙන නායකයා ලෙස ඉදිරිපත් වීමට ප්‍රියය. සජිත් ප්‍රේමදාස පක්ෂ නායකත්වය වෙනුවෙන් ඉතාම ගැඹුරු සිහින දකින්නෙක්ය. පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා හෙතෙම කීප වතාවක්ම  අරගල කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වරක් පාක්ෂිකයන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් සිරිකොත පක්ෂ මූලස්ථානයටත් අලාභානි සිදුවිය.

raviරවී කරුණානායක

දේශපාලනික ක්‍රමෝපායක් ලෙස තමන් හදුන්වන නම වෙනස් කරගෙන සිටියත් මොහු සුලු ජාතිකයෙකි. ඇමති ධූර කීපයක්ම හොබවා තිබේ. රනිල් වික්‍රමසිංහගේ කොළඹ දිස්ත්‍රික් චන්ද සටනේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ මොහුය. ඉහළ සංවිධාන ශක්තියක් ප්‍රකට කරයි. මූල්‍යමය ප්‍රතිලාභ වලට වඩාත් ගිජු බවක් දක්වන්නේ යැයි මතයක් වේ.

ruwanරුවන් විජේවර්ධන

ඉහළ පන්තියේ ප්‍රභූ දේශපාලන පවුලකින් පැවත එන්නෙකි. ඩී.එස් සේනානායකට මෙන්ම රනිල් වික්‍රමසිංහටත් සමීප ඥාති සබදතා  තිබේ. තරුණ දේශපාලකයෙකි. මහත්මා දේශපාලනයක් කරන බවට අදහසක් ඇත. බියගම ආසනයේ ප්‍රධාන සංවිධායකයා  ඔහුය.  රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේය.  පොදු ජනතාවගෙන් යම් දුරස් බවක් පෙන්නුම් කරන දේශපාලකයෙකි.

vajira-abeywardenaවජිර අබේවර්ධන

හැමදාම පක්ෂයේ නායකත්වයට ගරු කළ දේශපාලකයෙකි. නායකත්වයට ගරු කරමින්, නායකයා සමග සිටිමින් පක්ෂය ගොඩ නැගීම සදහා කැප වූ දේශපාලකයෙකි.  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ  විවිධ ඇමතිකම් හොබවා තිබේ. අද ඔහු යහපාලන ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමතිවරයාය. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයාය. ඡන්දවලදී ඡන්ද දායකයන් මවිත කරවන ආකාරයේ මුදලක් වියදම් කරමින්  ස්වකීය මැතිවරණ ව්‍යාපාරය කරයි.

dayaදයා ගමගේ

ව්‍යාපාරික පවුලකින් දේශපාලනයට පැමිනෙන පුද්ගලයෙකි. නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස බොහෝ කලක් සිටියේය. පසුව පක්ෂයේ ජාතික සංවිධායකවරයා විය. දැන්  යහපාලන ආණ්ඩුවේ ප්‍රාථමික කාර්මාන්ත ඇමතිවරයාය. ඔහුගේ බිරිද අනෝමා ගමගේ නියෝජ්‍ය ඇමති වරියකි. පක්ෂයේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් විශාල බරපැනක් දරා ඇත. බලය ලැබෙනවිට සමාජය ඉදිරියේ ස්වකීය සමබරතාවය රදවා ගැනීමට අපොහොසත් ආකාරයක් පෙන්වයි. පසුගිය සතියේ දමන සතිපොල බලහත්කාරයෙන් විවෘත කළ දයා ගමගේ ගැන එක්සත් ජාතික පක්ෂයේ දැනට නැගෙනහිර සිටින වෘද්ධිතම දේශපාලකයා වූ නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පති කීවේ ‘ ඔහු හැසිරෙන්නේ වළං කඩයට පැනපු ගොනෙක් වගේ ‘ කියාය.

මේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයන්ය. මේ අයගෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා වීමට සුදුසුම පුද්ගලයා  කවුදැයි පාඨක ජනතාවගෙන්විමසීමට සිත් විය. දැන් අපි ඔබෙන් අසමු. මේ ඇත්තන්ගෙන් කවරෙක් අනාගත එක්සත් ජාතික පක්ෂ නායකයා වීමට සුදුසු ද?. ඔබගේ කැමැත්තේ අනුපිළිවෙලේ හැටියට මනාප දෙන්න අපි ඔබට ආරාධනා කරමු.

එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කවුද?… හිතෙන හැටි ගැන කියලා යන්න…

සබැඳි පුවත්

28 thoughts on “එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායකයා කවුද?… හිතෙන හැටි ගැන කියලා යන්න…

  • September 10, 2016 at 9:25 am
    Permalink

    Thaniwama ejapa aanduwak pihituwana dawasa atha lagai

    Reply
  • September 10, 2016 at 9:27 am
    Permalink

    කවුරු ආවත් unp එකට තනියෙන් දිනන්න බෑ.

    Reply
  • September 10, 2016 at 9:30 am
    Permalink

    සජිත් තමයි මේකට හොඳම කෙනා. පක්ෂය වෙනුවෙන් හම්බන්තොට ඉඳන් තනිවම සටන් කළා. සජිත් ඔබට ජය.

    Reply
  • September 10, 2016 at 9:34 am
    Permalink

    කවුරු කොහොම කියුවත් රුවන් වගේ තරුණ කෙනෙක් මීළඟ නායකයා විය යුතුයි. එහෙම උනොත් විතරයි පක්ෂය ගොඩගන්න පුළුවන්.

    Reply
  • September 10, 2016 at 9:36 am
    Permalink

    මේ කට්ටිය නෙමෙයි පිටසක්වලින් කෙනෙක් ගෙනත් දැම්මත් unp එකට තනියෙන් දිනන්න බෑ.

    Reply
  • September 10, 2016 at 9:48 am
    Permalink

    කව්රු මොනවා කීවත් රනිල් නො හෙල්ලුන් එතකොට මේ ගොල්ලන්ට පොල් මැල්ලුන්

    Reply
  • September 10, 2016 at 9:49 am
    Permalink

    දය තමයි මෑන්ස් ලකාවේ ඉතුරු ඉඩම් ටිකටත් තට්ටු කරයි

    Reply
  • September 10, 2016 at 9:52 am
    Permalink

    මේ ගොලන්ට නො චාන්ස් රනිල් ගේ බෝයි කෙනෙක් එයි එය වැඩ කරන්නේ එහෙමයි

    Reply
  • September 10, 2016 at 9:53 am
    Permalink

    මේ දවස්වල සංගක්කාර පොඩි ගේමක් එයට සිර ගේ සප් එක තියෙනවා එයා වෙලාවට මතු වෙයි

    Reply
  • September 10, 2016 at 9:55 am
    Permalink

    කඩා හෝ වජිර ඉසරහට එනවා මයි එයා ට තියෙන සපෝර්ට් එක මේ කාටවත් නැහැ

    Reply
  • September 10, 2016 at 9:56 am
    Permalink

    ප්රෙමදාස් නාමය තිබෙන තුරා සජිත් t උරුමය ලැබෙනු ඇත

    Reply
  • September 10, 2016 at 9:57 am
    Permalink

    එක්සත් ජාතික පක්ෂ යනු විජේවර්දන උරුමයයි එය වෙනස් කරන් නොහේ

    Reply
  • September 10, 2016 at 9:59 am
    Permalink

    අයි ඔය ගොල්ලන්ට මංගල සමරවීර අමතක් වුනාද

    Reply
  • September 10, 2016 at 10:00 am
    Permalink

    හොඳම රට විකුනන්න පුළුවන් එකාට පශේ භාර දෙයි

    Reply
  • September 10, 2016 at 10:01 am
    Permalink

    කාට ගියත් අපිට පුතේ මගක් නැතේ

    Reply
  • September 10, 2016 at 10:03 am
    Permalink

    ඇයි හරින් ප්‍රනාන්දු එයා නැතිනම් රනිල් ගොයියා සදාකාලික විපක්ෂ නායක

    Reply
  • September 10, 2016 at 10:04 am
    Permalink

    ජනතා විමුක්ති පෙරමුණේ අනර කුමාර දිසානායක වෙන්නත් බැරි නැහැ දැනට එය හොඳට සර්විස් එක දෙනවා නේ

    Reply
  • September 10, 2016 at 10:07 am
    Permalink

    මේවා ඔක්ක්කොම සිහින මේ එකෙක් වත් ඕකට ගැලපෙන්නේ නැහැ මිම් මට්ටමෙන් එන ගැමි නායකත්වයක් ඕනේ එහෙම නැතිනම් මහින්ද පරපුර යළිත් මතු වෙනු ඇත

    Reply
  • September 10, 2016 at 10:09 am
    Permalink

    මේ ය අතුරින් ප්‍රබල ග්‍රහ පිහිටීමක් තියෙන්නේ දයා ගමගේටයි,ව්ජිරටත් නරක නැහැ

    Reply
  • September 10, 2016 at 10:11 am
    Permalink

    මේ කට්ටිය එක්ක ගියොත් රටම අනාථයි

    Reply
  • September 10, 2016 at 10:11 am
    Permalink

    ඇයි නවීන් දිසානායක අමතක් වුනාද?

    Reply
  • September 10, 2016 at 10:14 am
    Permalink

    කබීර් හසීම් මුස්ලිම් වුනාට එයා ඉන්නේ සිංහල කට්ටිය එක්ක රනිල් ගේ අලුත් ප්‍රෝග්‍රෑම් එකේ විදියට එයටත් චාන්ස් එකක් තියෙනවා

    Reply
  • September 10, 2016 at 10:16 am
    Permalink

    අලුත් නායකත්වයක් ගැන කල්පනා කල යුතුව ඇත.ප්‍රාදේශීය සභා මට්ටමෙන් එන තරුණ පරපුර ගැන කල්පනා කොට ඔවුන් සංවිධානය කල යුතුයි

    Reply
  • September 10, 2016 at 10:19 am
    Permalink

    හාහා දොරේ දැනුනා දැනුනා
    රුවන් බේබි
    පස්ස දොරෙන් ආවා

    Reply
  • September 11, 2016 at 8:52 am
    Permalink

    රුවන්ල නැතුව මොන unp ද මේ ලිපිය ලියපු එකාට ඔල්මාදේ රුවන් ජනතාව එක්ක ඉන්න කෙනෙක් හැබැයි බොරු ෂෝ දාන්නේ නෑ

    Reply
  • September 11, 2016 at 6:40 pm
    Permalink

    සජිත්, රැවන් අමාත්‍ය වරුනුත් දක්ශයින්, නමුත් එජාප යේ මීලග නායකයා ගයන්ත කරුනාතිලක අමාත්‍යවරයායි………….

    Reply
  • October 23, 2016 at 1:13 am
    Permalink

    මැදහත් ගමනක් සඳහා සුදුසු nayakaya වජිර අබේවර්ධන

    Reply
  • November 2, 2016 at 3:41 am
    Permalink

    කවුරු මොනවා කිවත් සජිත්ට නොදුන්නොත් එ.ජා.පෙ විනාශයි එක ඉර හද වගෙ ෂුවර් මොකද දැනටත් පක්ෂය වටා මිනිස්සු ඉන්නෙ සජිත් නිසා ඇයි බුද්දික අමතක වුනාද එ උනාට එ.ජා පෙ අපිට හොඳට මතකයි කවුද වැඩ කරන්නෙ කියලා

    Reply

Leave a Reply

Your email address will not be published.