ක්‍රැස්තෝ පාප් වහන්සේව ඇමතූ ඓතිහාසික ලිපිය

Crasthoශුද්ධ වූ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1998 ජනවාරි මස 21 වන දින කියුබාවට සැපැත් වූහ. හවානාහි දී කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්රෝ විසින් පවත්වනු ලැබූ පිළිගැනීමේ කථාවේ ඉංගරීසි බසින් නිකුත් වූ නිල පරිවර්තනය අනුව සකස් කෙරිණි.

ශුද්ධ වූ පියතුමනි,

ඔබගේ සම්ප්‍රාප්තිය, ඔබ ස්පර්ශ කළ මේ දේශයේ ගෞරවයට බඳුන් වෙයි. පළමු යුරෝපීයන් එන කාලයේ මෙහි සිටි සාමකාමී ත්‍යාගශීලී දේශීය පුද්ගලයන් අද මෙහි නැත. මේ කුරිරු බලාත්කාරය විසින් බොහෝ මිනිසුන් සමූලඝාතනය කෙරිනි. නැතහොත් ප්‍රතික්ෂේප කළ නොහැකි වහල් සේවයට අනුයුක්ත කෙරුණි. කාන්තාවන් එක්කෝ සැප ලබා දෙන භාණ්ඩ බවට හෝ නැතහොත් ගෘහ වහලියන් බවට පත් කෙරිණි

ආක්‍රමණිකයන් විසින් ගෙනෙන ලද නොදන්නා රෝගවල ගොදුරු ලෙස හෝ කුරිරු අසිපතට ගොදුරු වී හෝ මිය ගිය ගිය අය වූහ. එවැනි අපරාධවලට එරෙහි වූ ඇතැම් පූජකයින් එ් සාක්ෂි ඉරා දමමින් ඉවත්ව ගියහ.

ශත වර්ෂ ගණනක් පුරා අප්‍රිකානුවන් මිලියන ගණනාවක් ම්ලේච්ඡ ලෙස ඔවුන්ගේ දුරස්ත භූමිවලින් මුලිනුපුටා දැමිණි. ඔවුහු එ් වන විටත් සමූලඝාතනය කරන ලද, වහල් භාවයට පත් කරන ලද ස්වදේශිකයන්ගේ ස්ථානය ගනු ලැබිණි. ඔවුහු ජනගහන සංයුතියේ කැපී පෙනෙන වාර්ගික දායකත්වයකට හිමිකම් ලැබූහ. අපගේ දේශයේ වර්තමාන ජනගහනයේ මූලාරම්භකයන් සංස්කෘතික, විශ්වාසවලින් හා සියලූම සාමාජිකයන්ගේ රුධිරයෙන් මේ විශ්මය ජනක ඉතිහාසය සම්මිශ්‍රණය වී තිබේ.

මේ අර්ධගෝලය ආක්‍රමණය සහ යටත් විජිතකරණය කරන කොට ගෙන මිලියන 70 ස්වදේශිකයන්ගේ මරණ සහ මිලියන 12 අප්‍රිකානුවන් වහල් භාවයට පත් කිරීම ගණන් බලා තිබේ. බොහෝ රුධිරය වැගිරිනි. සාධාරණකම් බොහොමයක් නරක ලෙසට සිදු විය. දශක ගණනාවක අරගල සහ ජීවිත පරිත්‍යාගවලින් පසුව මෙහි (අර්ධගෝලයෙහි) විශාල ප්‍රදේශයක තවමත් අධිපතිවාදය සහ ආත්මාර්තකාමී බව රැඳී තිබේ.

අතිශයින් දුෂ්කර වූ තත්ත්වයන් තුළ කියුබාව ජාතියක් ව්‍යවස්ථාපිත කිරීමට සමත් වී තිබේ. එහි ස්වාධීනත්වය සඳහා එයට, මැඩ පැවැත්විය නොහැකි පරාක්‍රමයකින් යුතුව තනිව සටන් වැදීමට සිදු විය. මීට හරියට අවුරුදු සියයකට පෙර දේශපාලන හිරකරුවන් රඳවා තිබූ බන්ධනාගාර තුළ දී ජනගහනයෙන් විශාල කොටසක් ගිනි තබා මරා දමන ලදී. මින් වැඩි දෙනෙක් මහල්ලන්, කාන්තාවන් සහ දරුවන් වූ අතර, මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය විසින් අමතක කරනු ලැබුව එ් අස්වාභාවික එහෙයින් භයංකර වූ ක්‍රියාව නිෂේධ වන්නේ නැත. පෝලන්ත පුත්‍රයෙක් සහ ඔස්වීසිම් හි සාක්ෂිකරුවෙකුගෙන් ඔබට අන් කවරකුටත් වඩා හොඳින් මේ බව අවබෝධ කර ගත හැකිය.

ශුද්ධ වූ පියතුමනි, අද දවසේ නැවත වතාවක් වර්ග සංහාරය (Genocide) උත්සාහ දරමින් සිටිනවා. ශත වර්ෂ ගණනාවක් තිස්සේ තමාගේ විශ්වාසය අත්හැරීම ප්‍රතික්ෂේප කළ වුන් කෑදර ලෙස කා දමමින් සිටි රෝමයටත් වඩා බලගතු; ලෝකයේ මෙතෙක් බිහි වූ ආර්ථික දේශපාලන හා යුධමය වශයෙන් බල සම්පන්නයාගේ අධිපතිත්වයට හෝ (ඔවුන්ගේ) පාලනය නොපිළිගතතවුන් තුළ බඩගින්න, රෝගී බව, සහ ආර්ථිකය හුස්ම හිරවී ඇති තත්ත්වයක් ඇති වූ විට, ඇතැමුන් ඔවුන් යට කර ගැනීමට මාන බලමින් සිටිති. ක්‍රිස්තියානුවෝ අපරාධ විනිශ්චය කිරීම සඳහා භයංකර ලෙස නින්දා කරනු ලබන අතර, අපි ඔවුන් මෙන්ම නින්දා කරන්නෙමු. අපි, අපගේ වැටහීම් අත්හැර දමනවාට වඩා දහස් වාරයක් මියයාම තෝරා ගන්නෙමු. විප්ලවට , පල්ලියට වාගේ තම අදහස් වෙනුවෙන් දිවි පුදන්නෝ බොහෝ සේ වෙත්.

ශුද්ධ වූ පියතුමනි, අද දවසේ ලෝකයේ සිදුවන දේවල් ගැන ඔබතුුමාට දැනෙන විදියටම අපටත් දැනේ. අප එසේ වීම ගැන සතුටු වෙමු. අනෙකුත් කාරණාවල දී අපගේ දැක්ම වෙනස් වුවද, ඔබ ආරක්ෂා කරන ඔබගේ ස්ථිරසාර දැකීම්වලට අපි බෙහෙවින් ගරු කරමු.

ලොව පුරා ඔබගේ දීර්ඝ වන්දනාගමනේ දී ඔබගේම ඇස්වලින් බොහෝ අයුක්ති සහගත දේ, අසමානතාව සහ දිළිඳුබව; වගා නොකළ ඉඩම් සහ සාගතයෙන් පෙළෙන ගොවීන්; විරැකියාව, කුසගින්න, රෝගී බව, ඉතා සුළු මුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන්, එසේ නොකරන නිසා මිය යන රෝගීන් සුවපත් කළ හැකි බව; අශාක්ෂරතාව, ළමා ගණිකා වෘත්තිය, හය හැවිරිදි දරුවෙක් ජීවත්වීම සඳහා වැඩ කිරීම හෝ සිඟා කෑම, සිය ගණන් හෝ මිලියන ගණන් ප්‍රමාණවත් පහසුකම් නැතිව ජීවත් වන මුඩුක්කු නගර; වාර්ගික සහ ලිංගික වෙනස්කම් කිරීම; තමන්ගේ නිජභූමිවලින් ඉවත් කොට ඔවුන්ගේ ඉරණමට තීරණය කිරීමට තල්ලූ කරනු ලැබූ සම්පූර්ණ වාර්ගික කණ්ඩායම්; අනන්‍යතාව අහිමිවේ යැයි යන බිය (Xenophobia) අන්යයන් අවඥාවට පත් කිරීම, දැනට පවතින හෝ පැවති සංස්කෘති විනාශ කර තිබීම, ඌණ සංවර්ධනය, අධික පොළියට ගත්, ගෙවා ගැනීමට හෝ අය කර ගැනීමට නොහැකි ණය, අසාධාරණ විනිමය, දූෂිත හා රතිඵල විරහිත මුල් වැඩපිළිවෙලවල්; සාහසික ලෙස හෝ ඇතැම් විට කරකියා ගත හැකි අන් දෙයක් නැති නිසා විනාශ කරන ලද පරිසරයක්; සුළු වශයෙන් හෝ සැලකිල්ලට භාජනය නොකරන ලද අදෘශ්යමාන ලෙස ලාභ ලැබීමේ පරමාර්ථවලින් කෙරෙන ආයුධ වෙළෙඳාම; යුද්ධ, භීෂණය, සමූලඝාතන, සාමාන්යකරණය වූ දූෂණය, මත් ද්‍රව්‍ය, දුරාචාරය සහ ආදර්ශ ආකෘතියක් ලෙස ජනතාව මත පටවා ඇති ආගන්තුක පරිභෝජනවාදය දැක ගැනීමට හැකියාව ලැබුණි.

මේ ශත වර්ෂය තුළ මනුෂ්‍ය වර්ගයා තම ජනගහනය හතර ගුණයකට ආසන්න ප්‍රරමාණයකින් වැඩි වී ඇති බව දැක තිබේ. මිලියන ගණනාවක් ජනතාව කුසගින්නේ , සාධාරණය පිළිබඳ පිපාසයෙන් පෙළෙනවා; මිනිසාගේ ආර්ථික හා සමාජ විපත්වල ලැයිස්තුවේ කෙළවරක් දක්නට නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ශුද්ධ වූ පියතුමා (පාප් වහන්සේ) කෙරෙහි ස්ථාවර සහ වර්ධනය වන අවධානයක් උපදවා ගෙන බව මම දනිමි. මගේ පෞද්ගලික අත්දැකීම් තුළින් ලැබෙන අනුමැතියෙන් මම ඔබගේ චින්තනයේ අනෙක් සුවිශේෂී කරුණු අගයමි. ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නාතෙක් මම කතෝලික පාසල්වල සිසුවෙක් වීමි. යුදෙව්වෙක් හෝ මුසල්මානුවෙක් හෝ බොදුනුවෙක් හෝ සියලූම ද්‍රව්‍යවලට ජීවයක් ඇතැයි සිතන්නෙක් හෝ වෙනයම් ආගමික විශවාසයක් දරන්නෙකු හෝ වීම බරපතල පාපයක් බවත් භයානක හා එ්කාන්ත දඬුවම් ලැබීමට හේතුවක් වන බවත් මට උගන්වා තිබේ. ධනවත් හා වරප්‍රසාදලත් අය සඳහා වන එවැනි පාසල්වලවරක් එවැන්නකට මා අයත් සිටියෙමි. කිසිදු කළු ජාතික දරුවකු නොසිටියේ මන්දැයි යන ප්‍රශ්නය එක වරකට වඩා මට මතු විය, අද දක්වා, එ් සඳහා මට ලබා දුන් නො ගැලපෙන පිළිතුරු මට අමතක වී නැත.

පසු කාලයක දී විසි තුන්වැනි ජෝන් පාප් වහන්සේ විසින් කැඳවනු ලැබූ දෙවන වතිකානු කවුන්සලය මගින් මෙවැනි සංවේදී කරුණු විශ්ලේෂණය කෙරිනි. ලොව පුරා ව්‍යාප්ත වී ඇති අනෙකුත් වැදගත් සහ බලපවත්වන ආගම්වල විශ්වාස කෙරෙහි ගරු සැලකිලි දක්වමින් ශුද්ධ වූ පියතුමා දේශනා කිරීම හා හැඟීම් ක්‍රියාත්මක කිරීමට මහන්සි ගැනීම ගැන අපි දනිමු. තමන්ගේ පුරවැසියන් අතර ලබ්ධීන් ඇත්තන්ගේ මෙන්ම ලබ්ධීන් නැත්තන්ගේ විශ්වාසයන්ට ගරු කිරීම එකසේ ලබා දීම විප්ලවීය කියුබානු ප්‍රතිපත්තියකි. එවැනි ප්‍රතිපත්ති අපගේ ව්‍යවස්ථාවෙන් සහ නීති මගින් අර්ථ දක්වා ස්ථාපිත කර ඇත. කිසියම් තැනක අපහසුතා ඇති වී තිබුණේ නම් පිළිබඳව විප්ලවයට දොස් නැගිය යුතු නොවේ.

මින්පසු කිසි දිනෙක කිසිදු යෞවනයෙකුට ලෝකයේ තිබෙන ඕනෑම ආගමික පාසලක කළු හෝ කහ හෝ සුදු හෝ ජාතික දරුවන් නැත්තේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කරන්නට නොලැබේවා! යන ප්‍රාර්ථනය අපි පෝෂණය කරන්නෙමු.

ශුද්ධ වූ පියතුමනි, ගැලීලියෝගේ සිද්ධිය වැනි කතෝලික සභාවෙන් සිදු වූ දැනුවත් වැරදි ; කුරුසය පැළැඳ යුද වැදුනවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් පැවති යුග සම්බන්ධයෙන් ; ඇමරිකාව අත්පත් කර ගැනීමේ දී සිදු කරන ලද අපරාධ පිළිබඳව ; අද දවසේ කිසිවකුගේ අභියෝගයක් දක්නට නොලැබුණ විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව එ්වා සිදු කරන ලද කාලයේ වූ අවිචාරක හැඟීම් සහ අතිශය පිළිකුල් දේ ගැන ඔබගේ ධෛර්යවන්ත ප්‍රකාශන ගැන මම හෘදයාංගම ප්‍රශංසා කරමි. එ් සඳහා ඔබගේ පල්ලියෙන් ඔබ විසින් අත් කර ගන්නා ලද අතිවිශාල බලය වැන්නක් තිබීම අත්‍යවශ්‍යය වූවකි.

කියුබාවේ දී ඔබට ලබා දිය හැකි දේ කුමක්ද? සමාන අයිතිවාසිකම් නොලැබීමට අඩු වශයෙන් නිරාවරණය වන ජනතාවක් සහ අසරණ පුරවැසියන් අඩු ප්‍රමාණයක්; පාසල් නොමැති දරුවන් අඩු ප්‍රමාණයක්; ආරෝග්‍යශාලා නැති රෝගීන් අඩු ප්‍රමාණයක්; ලෝකය තුළ ශුද්ධ වූ පියතුමා සංචාරය සියලූම රටවලට වඩා එ්ක පුද්ගල ගුරුවරු සහ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක්; ඔබට මුළුමණින් නිදහසේ කථා කිරීමට හැකි තමන්ගේ හැකියාවෙන් සහ උසස් දේශපාලන සංස්කෘතියෙන් පිරිපුන් ඔවුන්ගේ අදහස් ගැන නිරපේක්ෂ වශයෙන් ආත්ම විශ්වාසය තිබෙන බවට ඉහළින් විශ්වාසය තැබිය හැකි ජනතාවක්; ඔබට කළ යුතු නිසි ගෞරවය හා විශ්වාසය තබමින් ඔබට සවන් දෙන ජනතාවක්. ඔබගේ මනහර අදහස්අප තේරුම් ගන්නා ආකාරයට අප ප්‍රකාශ කරන පරිදි වූ අදහස්එනම්, ජනතාව ධනය සහ සාමුහිකත්වය එකිනෙකා අතර සම ලෙස බෙදා හදා ගෙන ගෝලියකරණය විය යුතුය යන අදහස්තේරුම් ගැනීමට සූදානම් කරන ලද ජනතාවක් වෙනත් කිසිදු රටකින් හමු නොවනු ඇත.

කියුබාවට සාදරයෙන් පිළිගනිමු.

ඉංග්‍රීසි පරිවර්තනය අනුව සිංහලට පෙරළනු ලැබුවේ,
මහින්ද ගුණවර්ධන විසිනි.
01. 09. 2016

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.