ගල් අඟුරු දුහුවිලි නොරොච්චෝලය අවට වනසයි

 

Norochcholeගල් අඟුරු දුහුවිලි හා ගල් අඟුරු දහනය නිසා ඇතිවන විෂ දුම් සුළඟට මුසු වීම හේතුවෙන්  නොරොච්චෝල ගල් අගුරු බලාගාරය අවට වැසියෝ බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති.

මේ හේතුවෙන් අවට වැසියන් ස්වසන රෝග ගණනාවකින් පීඩා විඳින බවත් හාත්පස වගාබිම් කලු පැහැ ගැන්වී එළවලු වගාව ව්‍යසනයට ලක්ව ඇති බවත් වාර්තා වේ. ‍ෙ

ඒ පිළිබඳව තමන් පැමිණිලි කළ බවත්, ඉන් අනතුරුව    සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පැමිණ වීඩියෝ දර්ශන පටි ගත කර ගත් බවත් එය එතැනින්ම අහවර වූ බවත් ප්‍රදේශවාසීහු කියති.

නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බව ඔවුහු තවදුරටත් කියති.

මේ ව්‍යසනයට කඩිනම් විසදුමක් ලබාදෙන මෙන් ප්‍රදේශවාසීහු ඉල්ලා රජයෙන් ඉල්ලා සිටිති.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.