ජාතික කොඩියෙන් සිංහයා හැලීමට කළ යෝජනාව සාධාරණද ?

images (2)

නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීම මේ වන විට සිදු කරමින් පවතී. මේ අතර එම කණ්ඩායමට එක්තරා කාන්තා සංගමයක් කළ යෝජනාවක් මේ වෙන විට මතබේදයට තුඩු දෙමින් පවතී. ඒ ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කර ඒ වෙනුවට සියලු ජාතීන් නියෝජනය වන පරිදි නව සලකුණක් යෙදීමයි.

image73

ජාතික කොඩියේ ඉතිහාසය බැලු කළ අතීතයේ පටන් 1815 දක්වාත් 1948 නිදහස් දිනයේ සිට 1951 දක්වා භාවිත කළ කොඩියේද සිංහයා සංකේතවත් කර තිබේ. 1951දි එම කොඩිය සංස්කරණය කරමින් සුළු ජාතීන් වෙනුවෙන් නව වර්ණ තීරු දෙකක් ඇතුලත් කෙරුණි.

මෙහිදී සිංහයා ඉවත් කරන්නට පෙර සිංහයාගෙන් සංකේතවත් කරන්නේ කුමක්ද යන වග තේරුම් ගැනීම මෙම ගැටලුවට නිතැනින්ම පිළිතුරු දෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

ජාතික කොඩියේ වටේ ඇති කහ පාට තීරුවෙන් සුළු ජාතීන් නියෝජනය වන අතර කොළ තීරුවෙන් මුස්ලිම් ජනතාවත් තැඹිලි පාට තීරුවෙන් දමිල ජනයාත් නියෝජනය කරයි. සිංහල ජනතාව නියෝජනය කරන්නේ කඩුව අතින්ගත් සිංහයාය.

එවිට මේ යෝජනාව ගෙනෙන්නේ කුමක් සදහාද යන්න පැහැදිලි වෙනු ඇත. ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීම යනු ජාතික කොඩියේ සිංහල ජන වර්ගයේ නියෝජනය නැති කිරීමය.

මෙතරම් කාලයක් ක්‍රීඩාවට ආදරේ කල සැවොම ලංකාව වෙනුවෙන් ආඩම්බරයෙන් බාවිතා කලේ මෙම ජාතික කොඩියය. කිසිවෙකුට එහෙ අපෝ බවක් දැනුනේ නැත. එහෙව් වටට්පිටවක් තුල මේ උත්සහ දරන්නේ නැවතත් අන්තවාදී ගමනකට මුල පිරීමටය.

බොහෝ රට වල ජාතීන් සිය ගණනක් සිටයත් ඇත්තේ එක ජාතික ගීයකි නමුත් ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාමාර්ගයට අනුගත වෙමින් දෙවෙනි බසිනුත් ජාතික ගීය ගැයීමේ අවස්තාව දී ඇත. එහෙව් අවස්ථාවක මෙවැනි යෝජනා ගෙන එමෙන් සුළු ජාතීන් සිදු කරන්නේ නැවතත් බහුතර සිංහල ජනයාගේ ලේ කුපිත කිරීමටය.

දේශපලුවන්ටද අවශය එයමය උන් උන් ගහ මර ගන්න විට දෙස් පාලුවන්ට රජ මගුල්ය. එනිසා එවැන්නකට වාතාවරණය සැලසීමට ඉඩ නොදීම බහුතර සිංහලයේද වගකීමකි.

ඒ කෙසේ වුවත් ඔටුවාට කුඩාරම ඇතුලට ඔලුව පමණක් දාගන්නට අවසර දුන් වෙළෙන්දාට සිදු වූ සිදුවීම ලංකාවේ සිදු නොවිය යුතුය. සංහිදියාව යනු සියලුම ජාතීන් එක්ව සමගිව ජීවත් වීම විනා ඒ මතින් ගොස් රටක බහුතර ජන කොට්ටාශය පාගා දැමීම නොවන බව පාලකයන් මෙන්ම සියලු පුරවසියාද අවබෝධ කරගත යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.