ජාතිවාදී හරකුන්ගේ වසුරු යාපනය සරසවි බිම අපවිත්‍ර කළේය – වීඩියෝව බලන්න

ජාතිවාදී හරකුන්ගේ වසුරු යාපනය සරසවි බිම අපවිත්‍ර කළේය - වීඩියෝව බලන්නජාතිවාදී හරකුන්ගේ වසුරු යාපනය සරසවි බිම අපවිත්‍ර කළේය – වීඩියෝව බලන්න

සරසවි තරුණයෝ ගැටුම් ඇති කර ගනිති. එහෙත් ඒ ගැටුම් අතිශය බහුතරයක යම් සමාජ හා දේශපාලනික හැඩයක් විය. අනෙකෙකුගේ සංස්කෘතියකට, සංස්කෘතික වටිනාකම්වලට, පටු වාර්ගික දෘෂ්ටියක් සහිතව අයිඑස් වර්ගයේ මානසිකත්ව සහිතව ලංකාවේ සරසවි තුළ සිසුන් ඇණකොටාගෙන බරපතල ප්‍රශ්න නිර්මාණය කරන්නේ නැත. එහෙත් යාපනය සරසවිය පසුගියදා වාර්ගවාදී ගවයන්ගේ වසුරු වලින් කිළිටි වුනේය.

වර්ගවාදී ම්ලේච්ඡත්වයට විශේෂ වර්ණයක් නැත. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වර්ණ ගැන්වූ හැඩ තල නැත. ඒ ජාතිවාදී වර්ගවාදය තුළ ඇත්තේ පරිනත නොවුණු අශිෂ්ට ම්ලේච්ඡකමය. ශිෂ්ටාචාරයකට නොගැලපෙන තිරිසන්කමය. ඒ තිරිසන්කමේ ජුගුප්සාව පසුගිය දා යාපනය සරසවියේ සිද්ධියෙන් හෙළි කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වේ. මේ ඒ වීඩියෝවය.

අද (21) උදේ යාපනය සරසවියේ සිංහල සිසුන්ගේ දෙමව්පියෝ මාධ්‍යය වෙත පැමිණියහ. ඔවුන්ට මාධ්‍යයට පැවසුවේ මේ ප්‍රහාරය පසුපස සිටියේ යාපනය විද්‍යාපීඨයේ ශිෂ්‍යයන් නොවන බවය.

විද්‍යාපීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් මේ උත්සවය සූදානම්කර ඇත්තේ සාමුහිකවය. සති ගණනක් තිස්සේ සැලසුම් කර තිබූ උත්සවයේදී සිසුන් සහිත පෙරහර දෙමළ හා සිංහල සංස්කෘතිකාංගවලින් සමන්විතව සංවිධානය කර තිබිණි. සරසවි ප්‍රවේශ දොරටුවේ සිට හතරෙන් තුනක දුරක් හින්දු සංස්කෘතිකාංග වලින්ද හතරෙන් එකක දුරක් උඩරට වෙස් නැටුමකින් ද   විචිත්‍ර කිරීමට සැලසුම් කෙරිනි. මේ සංස්කෘතිකාංග ඉදිරිපත් කරනු ලැබුවෝ සරසවි සිසුහුමය. වෙස් නැටුම් කණ්ඩායමට එක්වු සරසවි සිසුහු පුරා දෙසතියක් පේවී ඊට එක්වී සිටියහ.

එහෙත් කලා පීඨයේ සිසුන් ඉතා සුලු පිරිසක් මේ කටයුත්ත කඩා කප්පල් කිරීමට සූදානම්ව අවස්ථා කීපයක කටයුතු කර තිබිණි.  පෙරහර ගමන් කරන විට වෙස් නැටුම් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ලවන්නේත් එය ගැටුමක් දක්වා දුර දිග යන්නේත් මේ අතරය. ගැටුම ඇතිවන විට සරසවිය අසල ත්‍රිවිල් නැවතුම්පළේ ත්‍රී විල් කරුවන් පිරිසක් මේ ප්‍රහාරයට එක්වී තිබේ. බුද්ධි අංශ වාර්තා කරන්නේ මේ ගැටුම සරසවිය තුළම ඇතිවූ ගැටලුවක් මිස ඉන් පරිබාරහිර සංවිධානාත්මක පිරිසක් සම්බන්ධ නැති බවය.

කෙසේ වෙත්ත යළි රුධිරය අවශ්‍ය පිරිස් ඉතාම ප්‍රවේශමෙන් කල් යල් බලා බලවත්ම නිලයකට පහර එල්ල කර ඇති බව පැහැදිලිය. පුද්ගලයෙකුට ප්‍රහාරයක් එල්ල කරනවාට වඩා සංස්කෘතික සංකේතයකට ප්‍රහාර එල්ල කරනවිට රිදෙන්නේය. කොළඹට දැනෙන්නේ ඒ රිදුමය. කොළඹ සිට එසේ වේදනාවට පත් පිරිස් ලේ ඉල්ලමින් ඉන්නා සුලුතරකයක් විසින් අවුලුවන්නට හදනා   ගිනි ගොඩට පිදුරු නොදැමිය යුතුව ඇත. මක්නිසාද යත් යළි යුද්දයක් ආවත් මිය යන්නේ උන්ගේ දරුවන් නොව, උතුරේත් දකුණේත් අපේ පන්තියේ දරු දැරියන්වන බැවිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.