පේරාදෙණියට පෙම් නොකළ සරසවි දියණිය

 

 

pera

 

අවශේෂ සිසු සිසුවියන් හමුවට නොයන, සිසු හමු, විනෝද චාරිකා මග හරින, පැදුරු පාටි , ‍රැග් සහ සංගීත ප්‍රසංග වල කිසි සේත් නොදකින ජීවිතේ මල්ගේ ජීවිතය එකල මල් පිපුනේ නැහැ. ඒ වෙනුවට සිටියේ , දේශන අවසන් වූ වහා (ඇතැම් විය අවසන් වීමට පෙරම) කඩාගෙන බිඳගෙන ගෙදර දිව එන , ගෙදර විත් පේරා ප්‍රධාන පුස්තකාලයෙන් ගෙන එන නවකතා , කෙටිකතා සහ පරිවර්තන පොත් කියවන , දේශන සටහන් ලස්සනට ලියන මුත් , විභාගය තෙක්ම දිග නොහරින , විද්‍යා පීඨ පුස්තකාලය පැත්තේ පස් නොපාගන ,  ඇපෙන් බේරෙන්නට විබාග ලියන කම්මැලි ගැහැනු ලමයෙක්.  එහෙත් සතියේ දවස් පහ මෙසේ අප්‍රසන්න ලෙස ගෙවා දමන ඇයගේ වසන්තය සති අන්තයයි. හේතු කිහිපයක් නිසාවෙන්. මහත් ආශාවෙන් ඈ සති අන්තය ඉගෙන ගත් පරිගණක උපාධිය සහ එම ආයතනය ඇගේ අනාගතයේත්, සතුටේත් , ප්‍රේමයේත් , මහන්සියේත් , කැපවීමේත් ‍තෝතැන්න වූවා.

විශ්ව විද්‍යාල භාෂාවෙන් කිවහොත් , එවකට ‘පිටින් ගොඩ ගිය’ සංගමයට අයත් විම නිසාම , පේරාදෙණිය සරසවි බිමෙන් පෙම්වතකු සොයා නොගත් (හෙවත් සරසවියට අඩිය ගසන්නටම පළමු පෙම්වතියක වී සිටීම) වරදට විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් අත්විඳින නිදහස චමත්කාරය මට පෙනුනේම නැති තරම්. ඉතින් රෑ එලිවෙන තුරු පැවැත්වෙන පැදුරු සාජ්ජ , සංගීත ප්‍රසංග සහ වලේ නාට්‍ය ඈටත් ඇගේ ප්‍රේමයටත් සොඳුරු මතක එක් කලේ නැහැ. (වලේ නාට්‍ය නොබැලූ , ඒ ටී එකේ ‍ෆිල්ම් නොබැලූ , අලත් නොවූ බැචියක් වී නම් ඒ ජීවිතේ මල් පමණක්ම විය හැකියි)

ඉතින් මේ දිගු කතන්දරය අග සංසාරේ ලිපියෙහි ලියවෙන්නේ මොනවාදැයි ඔබ මගෙන් අසාවි. සැබවින්ම මා සජීවි ගීත ප්‍රසංග හෝ ජීවිතයේ සැබෑ කෙලිලොල් විඳීම් කිසිවක් මේ ගතවූ වසර දහයක් පුරා වින්දනය කළ අයෙකු නොවෙයි. එනිසාම ජීවිතේ මග හැරී ගිය අනගි තුරුණු වියක් පිලිබඳ කුඩාහෝ තැවීමක් සිත මෝදු නොවේ යයි මුසානම් මට කිව නොහැකියි. එහෙත් ඒ අ‍තෝරයන්ගෙන් පිරි ජීවිතයේ දශකයක් තුල, කෙලි වියේ පණ ගසා ආ, එමෙන්ම යොවුන් වියේ යලිත් නිද්‍රාවට පත් රසය , ජීවනය , යොවුන් විය අගිස්සේ හිඳියදී හෝ යලිත් ආගමනය වීම මට මහා මිහිරියාවක්. පසුගිය ජනවාරි 31 වනදා මා හිතවතියක් කරන්නට යෙදුනු සත්කාර්යය නිසාවෙන්ම , ඒ ගෙවුනු වියෙහි නොලද සොඳුරු අත්දැකීමක් විඳිය හැකි වූවා.. ‘මියැසි රාවය’ මධ්‍යයේ වික්ටර් රත්නායකයන්ගේ හඬෙන් මිදෙන ශක්තිය, සුපැහැදිලි ජවය සහ සුගායනීය පදවැල් විසින් මා අමුතුම ලෝකයකට ගෙන ගියා කිවහොත් නිවැරදියි.

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙමමේ සීතල හිම ගිරි අරණේ
මට හමුවූ වන පස කුසුමේ
පෙති මත සතපා
‍රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුනේ
ඔබේ ‍රැසින් මා දවාලන්න රෑ
ලය මත සනහා රාජිනියේ

ආදරයේ උණුසුම් නැවුම් චමත්කාරය සහ කියාගනු නොහැකි උද්වේගකර චින්තාවලීන් පණ ගසන්නේ ආදරයෙහි මුල්ම දිනවලදී.. කොතෙක් උදම් ඇනුවත්, කොතෙන් පුරසාරම් කීවත්,වරින් වර ආදර වදන්, තැගි, කවි වලින්  යාවත්කාලීන කලත්, ඒ මුල්ම දින කිහිපයේ සිත වසා පැතිරගත් චමත්කාරය කිසි ලෙසකිනුත් කාලයත් සමග නොපවතින බව.

සිය ආදරය නොදැක නොසිතා නොමැතිව එක මොහොතක් ගෙවීම පවා කොතෙක් අසීරුදැයි ආදරයේ චමත්කාරයෙන් මත් වූ මුල් යුගයක් ගෙවා ඇති ඕනෑම කෙනෙක් දන්නවා ඇති. ඒ සිහින, ඒ හද තිගැස්ම මොනවට නිරූපණය වූ මේ සොඳුරු ගීය මට කණ වැකුනේ , වික්ටර් රත්නායකයන්ගේ ගී ගොන්නකට 31 එනිදා දැහැන් ගත වීම නිසාවෙන්. ඉන් බැඳීගිය සිත ගෙදර ආ ඉක්බිති නොනැවතී ඔහුගේ ගී සොයා ගිය නිසාවෙන්.

ගෙවීගිය දශකයෙහි මගෙන් ගිලිහී ගිය දෑ වෙනුවෙන් , ඒ කාලයෙහි කළ හැකිව තුබූ දෑ වෙනුවෙන් මට කිසිදු දුකක් නැතැයි කියන්නේ නම් එය මුසාවක්. එහෙත් ගෙවෙන වර්තමානය , කොතෙක් ගැහැට පිරි වුවත් , එහි නිරන්තර සාමයත් සිනහවත් සැනසීමත් පිරී පවතින්නේ  එදා අත්හැරී ගිය රස භාවයන් උලුප්පවා ගනු වස් අද එදාට නොදෙවෙනි සොඳුරු අවස්ථා එකින් එක මතුවන නිසාවෙන්.

අතීතය සිහිනයක්ම බැවිනුත්, අනාගතය ප්‍රාර්ථනාවක්ම බැවිනුත් , වර්තමානය තරම් අත්දැකීම් වලින් කැලතෙන , හැඟීම් රස භාව මුසු වෙන සංසිද්ධියක් තිබේවිද?   ප්‍රථම ප්‍රේමයත් , අතීතයත් , එහි ඇති චමත්කාරයත් , එලෙසින්ම නටබුන්ව තිබෙන එහි නිමාවත් , එහි ප්‍රතිපල වශයෙන් රස බැලූ විරහවත් , අද එහි තිබෙන සැබෑ නටඹුන් වල තිබෙන පෞරාණික අනන්‍ය බවත් , වේදිකාවට පැමිණි සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් පණ ගැසුයේ මෙලෙසින්..

සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්…තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමං තලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව යේ..

http://sansaare.blogspot.com/

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.