මිහින් ලංකා සුරක්ෂිත බව ගැන ප්‍රශ්නයක්

mihin lankaසීෂෙල්ස් බලා ගිය ගුවන් ගමන් කිහිපයක සුරක්ෂිත බව පිළිබඳව ජාත්‍යන්තර සිවිල් සේවා ගුවන් අධිකාරිය මිහින් ලංකා වෙතින් ප්‍රශ්න කොට ඇත.

Colombo Telegraph වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මිහින් ලංකා NJ 707/8 දරන ගුවන් යානය අගෝස්තු සහ ජුනි මාසයේ දින ගණනාවක අයහපත් කාලගුණික තත්වයන් යටතේ පියාසර කිරීම පිළිබඳව ප්‍රශ්න මතු වී ඇත.

මේ තත්වයන් යටතේ ගුවන් යානා කාර්ය මණ්ඩලය සහ මගීන්ගේ ජීවිත අවධානමට ලක්විය හැකි බවයි සඳහන් වන්නේ.

මෙම අවධානම් සහගත ගුවන් ගමනේ ප්‍රධාන අරමුණ අන්නාසි තොගයක් සේෂල්ස් කරා ගෙන යෑම බවයි වාර්තා වන්නේ.

ගුවන් නියමුවා මෙම අනතුරුදායක ගුවන් ගමන යාමට දැඩි උනන්දුවක් දැක්වූ බවත් වෙබ් අඩවිය කියා සිටී.

මහින්ද රාජපක්ෂ සමයේ කඩිමුඩියේ පිහිටවූ මිහින් ලංකා සමාගම පරිපාලන හා මුල්‍ය අවුල් රැසක් මැද ක්‍රියාත්මක වන ආයතනයකි.

මිහින් ලංකා ගුවන් සේවය පිහිටුවීමට මුල් වුවන් අතර හිටපු විදේශ කටයුතු අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සහ හිටපු ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂද සිටියහ.

මෙම ගුවන් සේවය පිහිටුවීම සඳහා අනුමැතිය ලබා ගැනීම සහ ගුවන් යානා සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයන් මතු වී තිබිණ.

එවකට සිටි සිවිල් ගුවන් සේවා ඇමති මංගල සමරවීර කියා සිටියේ මෙම ගුවන් සේවය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමක් සිදු නොවුණු බවයි.

පළපුරුද්ද අඩු ගුවන් නියමුවන් යොදා ගැනීම පිලිබඳ චෝදනා ද මිහින් ලංකාවට එල්ල වී තිබිණ.

මෙම ගුවන් සේවය සඳහා ආයෝජනය කල අය අතර ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ද විය.හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ පියා මෙම බැංකුවේ ප්‍රධානියා වූ අතර මේ සඳහා ඔවුන් ආයෝජනය කල මුදල රු.මිලියන 300ක් විය.මේ සඳහා මිහින් ලංකා ගෙවූ පොලිය 15% විය.

ඒ කාලයේ රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මිහින් ලංකා ආයතනය දිනකට රු.කොටියක පාඩු ලබන අතර එය වසා දැමිය යුතු බව හර්ෂ ද සිල්වා කියා සිටියේය.

එජාපය විපක්ෂයේ සිටිය දී මේ පිලිබඳ දිගින් දිගට පශ්න කිරීම් කල නමුත් දැන් ඒ පිළිබඳව නිසි පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැත.

මිහින් ලංකෑ උද්යෝග පාඨය වන්නේ “අහස අපේ ” යන්නයි.

එහෙත් දැන් ප්‍රශ්නය වන්නේ අපි යනු කවුරුන් ද යන්නැයි.

මිහින් ලංකා පාඩු ලබන හැටි රනිල් කී දේ.

[vsw id=”RSthr-UXc8c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.