රජය දේපොළ වෙළදාම අරඹයි

Ranil-Wickramasinghe-e1320674111195-copyරාජ්‍ය ආයතන රැසක්ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටත් ඒවගේ කොටස් අලෙවි කිරීමටත් රජය තීරණය කොට තිබේ.  ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා වේ. මීට අමතරව බදු ඉහල දැමීමටද කටයුතු සිදු කොට තිබේ.

මේ සදහා කැබිනට් පත්රිකාවක්ද අනුමත වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව වැනි ආයතන විශාල ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇත.

ඉස්සර මිනිසුන් කීවේ ආර්ථිකය හදන්නටනම් UNP රජයක් පැමිණිය යුතු බවය. ශ්‍රී ලංකා කාරයෝද එය පිළිගත්හ. එහෙත් දැන් දැන් වත්මන් රජය දිනෙන් දින තම අසමත්කම පෙන්වමින් සිටින බව පෙනේ.

රටට මහින්දද රනිල්ද වැඩක් නැත අවශ්‍ය වන්නේ කිසිවෙකු හෝ මේ රට සංවර්ධනය කිරීමය.

මහින්ද හොරකම් නොකලයයි අප කියන්නේ නැත 17 හයිඩ් පිටියෙන් නැවත මහින්ද ගෙනා යුතු යැයි කියන්නේද නැත එහෙත් අප පිළිගත යුතු දෙයක් ඇත මොන යම් ක්‍රමේකින් හෝ මහින්දගේ කාලේ මහින්ද  ගේම් එක වින් කල බවය.

මහින්ද ආසියාවේ බලවතුන්ට ලංවෙද්දි යහපාලනය අනාගත ලෝකයේ රජු බවට නිසැකයෙන්ම පත්වන චීනයට පයින් ගසා බටහිර පිළිගත්තේය.

අප පිළිගත යුතු එක දෙයක ඇත දැන් ඉන්දියාව හෝ බටහිර අපට උපකාර කිරීමට පැමිණ නැත චීනයත් සමග මිතුරුව සිටියේනම් මේ අවස්ථාවේ නිසැකයෙන්ම චීනයේ උපකාර පහසුවෙන් ලබා ගැනීමට තිබුණි.

පසු ගිය අවුරුදු 10 තුල රටේ සංවර්ධන ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වූ බව ඇස කන් පෙනා ඕනෑම අයෙකුට දැක ගත හැක එහෙත් යහපාලනයට දැන් අවුරුද්දකුත් ඉක්ම ගොස් ඇති මුත් තාමත් කටින් බතල හිටවනවා වින වෙනි කිසිවකුත් සිදු කර නොමැති අතර ගමේ කානුව ජනසතු කිරීමටත් බෝර්ඩ් ලෑලි ගසා මුහුණු පොතට දමන දෙස් පලුවන්නම් එකෙක් දෙන්නෙක් දක්නට ඇත.

දැන් ආණ්ඩුව නිදා ගත්තා හොදටම ඇතිය, අදුරදර්ශී ක්‍රියා කර රටේ සම්පත් ටික විකුණා දමා නැවත 2004 තත්වයට රට ගෙනයනවානම් කිව යුත්තේ බක් මාසයට වැඩි කලක් නොවන බවත් බක් මාසයේ අකුණු ඉතා සැර බවත් පමණි.

මෙයට ආණ්ඩුව දෙන පිළිතුරක් තිබේ ඒ ඔවුන් ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කල බවයි. ගත වූ දින 6දි සිදු වූ පුද්ගල ඝාතනයන් දෙස බැලීමේදී එයද එසේ නොවන බව අපට වැටහෙයි.

දැන් ජනතාව ගොනාට අන්දේම නවතා වැඩ කල යුතු කාලය එළඹ ඇත. එසේ නොවන්නේනම් යහපාලනයට ඉතා ඉක්මනින් මහින්දට වුදෙයට වඩා අන්ත ඉරණමකට ලක් වන්නට සිදු වීම කිසිවෙකුට නතර කල හැක්කක් නොවනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.