රනිල්ට වැරදිලා ද ?

ranilaaaaaරනිල් වික්‍රමසිංහ බොහෝ කාලයක් විපක්ෂ නායක තනතුරේ කටයුතු කළේය.මේ නිසා දැන් ලැබී ඇති අගමැති භුමිකාව අමතක වී ඇද්ද යන්න පිළිබඳව සැකයක් මතුවේ.සැකය මතු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය කොළඹ හයිඩ් පිටියේ දී පවත් වූ රැලියේ සටන් පාඨ දෙස බැලීමෙනි.

” අලුත් ලංකාවකට ඉඩ දෙනු ” යන්න එක්සත් ජාතික පක්ෂ රැලියේ බැනරයයි.

මේ අලුත් ලංකාවට ඉඩ නොදෙන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔහුගේ කාර්යභාරය බව ඔහුට අමතක වී ඇද්ද ?

ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ” එට්කා  ” ගිවිසුමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සටන්කාමී විපක්ෂයෙන් එල්ල විය හැකි විරෝධයට පූර්ව ප්‍රහාරාත්මක වැඩපිළිවෙලක් ලෙස පැවැත්වුණු රැලියේ සටන් පාඨ සිනහ උපදවන සුළුය.

මේ රැලියට සහභාගී වූ කොළ තොප්පි දාගත් තරුණයන් ඇත වූ පුවරුවල කියවෙන්නේ තරුණ අපිට අය බාධා යනුවෙනි.

මේ තරුණයින් හට බාධා කරන්නේ අලුත් රැකියා ඇති කිරීමට හරිහමන් වැඩපිළිවෙලක් දියත් කිරීමට නොහැකි වු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවම නොවේ ද ? යැයි යමෙක් ප්‍රශ්න කළහොත් ඊට රනිල් වික්‍රමසිංහ දෙන පිළිතුර කුමක් විය හැකිද ?

[vsw id=”qN_K1aQGhB0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.