විදෙස් ටෙලි නාට්‍ය හමුවේ අපේ දරුවන්ගේ හෙට දවස කොහෙටද ?

1920 දශකයේදී ලෝකයට දායාද වන රුපවාහිනිය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 70 දශකයේ අග භාගයේදීය. එදා පටන් අද දක්වා ශ්‍රී ලාංකීය ජන සමාජය දිනෙන් දින රුපවාහිනිය තම ජීවිතයේ නැතිවම බැරි අංගයක් බවට පත් කරගෙන ඇත.
දකුණු ආසියාවේ ප්‍රථම වර්ණ ටෙලි නාට්‍ය ලෙස ඩී. බී. නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු ටෙලි නාට්යෙන් අරමභ වූ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව විවිද මං ඔස්සේ , විවිධ කෝණ ඔස්සේ සමාජයේ විවිධ පැතිකඩයන් සිය ප්‍රේක්ෂකයන් හමුවේ ඇති දැවැන්ත නිර්මාණ දිගහරිනු ලැබුවේ සමාජයේ සුභ සිද්ධිය උදෙසායි.
ගුණාත්මක බවෙන් යුතු වූ මේ නිර්මාණ කලාවට කණකොක හඩන්නේ මෙරට පෞද්ගලික මාධ්‍යන් විසින් ගුණාත්මක බැවින් ඉතා අඩු විදෙස් ටෙලි කතා මාලා විකාශනය ඇරබීමත් සමගිනුයි. වසර ගණන් දිගෙට ඇදෙන මේ කතා මාලා අපේ රටේ ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවට අභියෝගයක් වන්න සේම රටේ අනාගත පරපුර කෙරෙහිද අහයපත් බලපෑම් ගෙන දෙයි.
CI7pLC5WEAAqMdq
සතියේ දින හතම විකාශය වන මෙම නාට්‍ය ළමා මනස තුලට ගෙන යන්නේ අසම්මතය හා ප්‍රචණ්ඩත්වය පමණක් වීම මෙහි ඇති කණගාටු දායක තත්වයයි. හරසුන් ටෙලි කලාව හේතුවෙන් අපේ දරුවන් අපේ සංස්කෘතියෙන් ඉවතට ඇදී ගොස් සමාජ ආචාරධර්මයන්ගෙන් පිරිහුණු අනාගත පරපුරක් බිහිවීම කිසිසේත් නවතා ලන්නට නොහැකිවනු ඇති.
විකාශය කරනවානම් විකාශය කරන්නට සම්මානලාභී ටෙලි කතා මාලාවන් කොතෙකුත් ඇතත් වාණිජ අරමුණු ඔස්සේ පමණක් දුවන බොහෝ මාධ්‍ය අද විකාශනය කරන්නේ කාසි කබල් ලාබ ගනයේ ටෙලිනට්‍යයි.
මින් පෙර විදෙස් ටෙලි නාට්‍යය සදහා විශාල බදු මුදලක් පැනවීම හේතුවෙන් යම් තරමකින් පාලනය වුවද මේ වෙන විට නැවතත් ජනමාධ්‍යන් විදෙස් ටෙලි කතා මාලා පමණක්ම විකාශය කරන තත්වයකට පැමිණ තිබීම රටේ ඉදිරි අනාගත දරු පර පුර හා අනාගත කලාව පිළිබද දනවන්නේ අවිනිශ්චිත බවක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.