සමාවන්න අධිකාරම් මැතිදුනි

mr.adhikaram

මීට වසර 111කත පෙර ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පහල වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා උපත ලද්දේය.

ඒ කළුතර උපන් ඊ.ඩබ්ලිව්. අධිකාරම් මැතිදුන්ය.

ගැටලුව වන්නේ සියවසක් ගත වී ඇතත් එතුමන් අපට කියා දීමට උත්සහ කල ඩේ තේරුම් නොගැනීමයි.

ඔහුට තිබුනේ අවිහිංසාව පිලිබඳ යම් දක්මකී.

එතුමන් හොඳ – නරක පිලිබඳ අවබෝධයෙන් ඇති දැනුමත් තුලින් සංහිදියාව අත්පත් කර ගත හැකි බව විශ්වාස කළේය.

පන්සිල් නිතරම ඇදහූ හෙයින් නිතර පන්සිල් ගැනීමෙන් වැළකී සිටියේය.

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමට ගිය කොල්වින්,ලෙස්ලි, එන. එච් ආදීන් සමාජ විරෝධයේ විලක්කුව දැල්වීම සඳහා අධිරාජ්‍ය විරෝධයේ තෙල් ලංකාවට ගෙන එද්දී එංගලන්තයට ගිය අධිකාරම් තුමන් ගෙන ආවේ වෙනත් දෙයකි.

ඒ විචාර බුද්ධියයි.

විචාර බුද්ධිය පෝෂණය කිරීමෙහි ලා විද්‍යාත්මක ක්‍රමයේ අගය වටහා ගත අධිකාරම් තුමන් අගනා ඉංග්‍රීසි – සිංහල ශබ්ද කෝෂයක් සම්පාදනය කළහ.

සතුන්ටත් ගහ කොලටත් ජීවත්වීමේ අයිතිය ඇති බව පිළිගත් අධිකාරම් ශුරීන් විසින් තමන්ගේ තමන්ගේ කාර් එකේ පැටවූ දැමූ විට මීයන් හැදෙන තෙක් කාරය ගරාජයේ තබා පයින් ගමන් ගියේය.

සංස්කෘතිය වෙනස් වන දෙයක් මිස බලහත්කාරයෙන් අල්ලාගෙන රැකගත යුත්තක් නොවන බව අධිකාරම් තුමන් විශ්වාස කළේය.

දිනක් පාසලක පවතී රැස්වීමක් ඇමතීමට ගිය අධිකාරම් තුමන්ගෙන් ගුරුවරයෙක් ප්‍රශ්නයක් ඇසුවේය.

ගුරුවරයා – අධිකාරම්තුමනි , මේ දිනවල පාසල් සිසුන් දිගට කොණ්ඩය වවනවා.එකෙන් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නේද ?

කොන්දයෙන් කරන්න පුළුවන් දේවල් 2යි.එක්කෝ කපන්න ඕනේ.නැත්නම් වවන්න ඕනේ.මේ දෙකෙන් කොයික කලත් එකයි මහත්තයෝ.

ගුරුවරයා හීන්සීරුවේ වාදී වුයේ මුළු සභා ශාලාවම හිනස්සවමිනි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.