සෝභිත හිමි මතකය නිදහසේ දිදුලන්න ඉඩ දෙන්න

sobhitha himiබාල දේශපාලනයට සෝභිත හිමියන්ගේ අපවත්වීම මාතෘකාව වීමත් සමගම ඒ පිලිබඳ යලිත් හොයා බලන බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා සිටියි.

සෝභිත හිමියන් අපවත් වෙන අවස්තාවේදී යහපාලන ආණ්ඩුවේ ගමන් මාර්ගය ගැන උන්වහන්සේ දැඩි කලකිරීමකින් පසු වූ බව අචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පෙන්වා දෙයි.

මේ ප්‍රකාශ 2 තුලම ඇත්තේ බාල දේශපාලනයට සෝභිත හිමියන්ගේ අපවත්වීම තොරම්බල් කරන්නන්ට උඩ ගෙඩි දීමකි.

බලයට පත් කල ආණ්ඩු පිලිබඳ ඇතිවන කලකිරීම යනු සම කාලයකදී සැමදෙනාම මුහුණ දෙන අත්දැකීමකි.මෙවැනි කරුණු උඩ මරණ පිලිබඳ විමර්ශන පැවැත්වීමට ගියහොත් ඒ පිලිබඳ නිමක් නොවනු ඇත.

මහින්ද අමරවීර ඇමතිවරයාට කීමට තිබුනේ ගැටළුවක් ඇති කෙනෙක් සිටීනම් ඒ යට අධිකරණය වෙතට යන ලෙසයි.එසේ නැතුව සෝභිත හිමියන්ගේ අපවත්වීම තවත් ජනප්‍රිය මාතෘකාවක් කර ගැනීම නොවේ.

සොභිත් හිමි නික්ම ගිය පසු අපේ බ්ලොක් කරුවෙක් කියා සිටියේ RIP යනුවෙනි.ඒ Return If Possible යනුවෙන් කියා සිටීමටය.සාමාන්යෙන්  RIP යනුවෙන් යොදන්නේ Rest In Peace හෙවත් සාමදානයෙන් සැතපෙන්න යැයි කියා සිටීමටයි.

අප දන්නා පරිදි අපෙන් නික්ම ගිය සෝභිත හිමියන්ට ඒ ලෙසින්ම අප කරා පැමිණීමේ මගක් නොමැත.ඒ නිසා දැන් කල යුත්තේ සෝභිත හිමි පෙන්වා දුන් මග විවර වූ දෙනෙතින් තරණය කිරීමයි.ඒ වෙනුවට උන්වහන්සේගේ මරණය පිළිබඳව හුදු ආවේගාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදු වන්නේ ඒ පෙන්වා දුන් මග මාධ්‍ය හා හූව නම් දූළි වලාවෙන් වැසී යාමයි.

සෝභිත මහා නෑ හිමියන්ට නිසි ප්‍රතිකාර ලැබුණු බව සිංගප්පුරුවේ මවුන්ට් රෝයල් රෝහල් බලධාරීන් විසින් තහවුරු කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.