හිමියනි ඔබේ හඬ තවමත් රැවුදේ

Sobhitha Himiජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 දක්‌වා අඩු කිරීම මගින් පමණයි ජනාධිපතිවරයාගේ බලතල සීමාවුණේ. 19 වැනි සංශෝධනයෙන් අනිකුත් විධායක බලතලවල කිසිදු වෙනසක්‌ සිදුවී නැහැ.

ජනාධිපති සිරිසේන මැතිතුමා බලයට පත්කිරීම සඳහා කැපවී කටයුතු කළ සිවිල් සංවිධාන රාශියක්‌ පසුගිය මැතිවරණයේදී පගාකාරයන්, කුඩුකාරයන්, එතනෝල්කාරයන් ආදී දූෂිතයන්ට නාමයෝජනා ලබා නොදෙන ලෙස මාර්තු 12 ප්‍රකාශය මගින් සෑම දේශපාලන පක්‍ෂයකින්ම ඉල්ලා සිටියා. පක්‍ෂ නායකයන් සියලු දෙනාම එදින පැමිණ අපේ ඉල්ලීමට එකඟවෙමින් එම ප්‍රකාශයට අත්සන් කළා. ඒත් මොකද වුණේ? මැතිවරණයට නාමයෝජනා දීමේදි මෙම චෝදනා එල්ලවූ දූෂිතයන් රශියකට නාමයෝජනා ලබාදී තිබුණා.

දේශපාලන පක්‍ෂ බලන්නේ කොහොමහරි ඡන්දය දිනාගන්නටයි.

පරාජිතයන් ජාතික ලැයිස්‌තුවෙන් නැවතත් පාර්ලිමේන්තුවට පත්කිරීම මගින් මේ ආණ්‌ඩුව ජනමතයට පයින් ගසා තිබෙන බවයි කියන්න තියෙන්නේ.

මේක නියම ජාතික ආණ්‌ඩුවක්‌ නම් දෙගොල්ලොම පැහැදිලිව රටට කියන්න ඕන ජාතික ආණ්‌ඩුවක්‌ හැදීමට තිබෙන ජාතික වැදගත්කම මොකක්‌ද කියලා. නියම ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නට නම් ටී. එන්. ඒ. පක්‍ෂයත් ජනතා විමුක්‌ති පෙරමුණත් එකතුකරගන්න ඕන. පක්‍ෂ දෙකක්‌ එකතුවෙලා පිහිටුවන ජාතික ආණ්‌ඩුව මොකක්‌ද?

පක්‍ෂ දේශපාලනයට වඩා ප්‍රතිපත්ති දේශපාලනයට මේ නායකයන් යොමුකරවන්න ඕන. රජයක්‌ හැටියට ඇයි තාම සූදානමක්‌ තියෙනවද ගොවියගෙ නිෂ්පාදන ටික මිලයට ගන්න. වී ටික මිලයට ගෙන ඒ මිනිහට සැනසිල්ලෙ ගෙදර යන්න පුළුවන්කමක්‌ තියෙනවද?

“ජනාධිපතිතුමනි, දුෂ්කරම‍ දේ අපි කළා. තැටිය රත්කරන්න අපි අවුරුදු ගාණක් දුම් බිම්මා. තැටිය රත්කරලා දුන්නේ රොටිය පුච්චන්න දැන් බැලුවම ගිනි තපිනවා. දැන් අපි මේ කියන්න ආවේ ඕක හැදුවේ ගිනි තපින්න නෙවෙයි ඕයි. ඕක හැදුවේ රොටිය පුච්චන්න. ඒ රොටිය පුච්චන්න.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.