FM නිවේදිකාවන් ගේ කටේ වෙරළු ඇට හිරවීමේ රහස

fm radio presentersපසු ගිය දිනයක අගනුවර බාලිකා විදුහලක කාර්යාලයට පැමිණි ලඟදී අස්වූ තරුණියන් දෙදෙනෙකි. එක් තරුණියක් නැගී එන FM නිවේදිකාවකි අනෙක් තරුණිය රසායන විද්‍යාව හදාරණ උපාධි අපේක්ෂිකාවකි ධාරිනියකි.

ඔයා මගේ ෂෝ එක අහනවද අනේ’ යැයි නිවේදිකාවක් ඇසීය.
ඕව් ෂෝ එක නම් හොඳයි මොකද මේ වෙරළු ඇටයක් කටේ දාගෙන වගේ කථා කරන්නේ යැයි අනාගත රසායන වීද්‍යාඥයවරියවි විමසුවාය.

ආ ඒක අපේ ස්ටයිල් එක නේ
මොකද්ද අනේ මාව අවත් අරං යන්න කියලා වගේ තොඳොල් වෙවී ඉන්න එකද?

‘ඔයා හරි නෝටි අනේ’ කියූ නිවේදිකාව පසු වදනක්ද එක්කලාය.
ඉලක්කම් හයක් විතරා තියෙන බෑන්ක් එකවුන්ට් එකක් තියෙන එකෙක් අවොත් නරක් වෙලා තියේ

මිතුරියන් දෙදෙනා මහ හඬින් සිනාසී වෙන්වුහ.

අනාගත රසායන වීද්‍යාඥයවරියගේ අයියා වෙනත් නාලිකාවක බොස් කෙනෙකි. ඔහු FM කම්හලේ වැඩ කළත් හොඳින් පතපොත කියවන ප්‍රබුද්ධ අයෙකි. තරුණිය වෙරළු ඇටේ කටේ දාගෙන කථා කරන සටයිල් එක ගැන විමසුවාය.

‘ඒකනේ ඕක අර තනි අකුරේ චැනල් එකේ මිනිස්සු පටන් ගත්තු වැඩක්නේ. ඒ ගොල්ලෝ ඇමෙරිකාවෙන් කන්සල්ටන්ට් කෙනෙක් ගෙන්න ගත්තා. බහින චැනල් එක ගොඩ ගන්න කිව්වා. මිනිහා සෙක්සි ෆීල් එකක් ගන්න තොඳොල් ටෝක් සිංග්ලිෂ් වලින් ටෝක් දෙන්න කිව්වා. දැන් මේක ජෝක් වෙලා. එත් කරන්න බැරි කමට කරගෙන යනවා. සිංහල ප්‍රෝපාලා කීප දෙනෙකුට තද වෙලා භාෂාව අවභාවිතා කරනවා කියලා. වැඩේ හරියට පත්තු වුනොත් මිනිහගේ වීසා එකත් කැන්සල්වෙන්න පුළුවන් යැයි කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.