Kickass torrent නිර්මාතෘ අත්අඩංගුවට

Artem 1මීට අවුරුදු 8 පෙර 22 හැවිරිදි ඇමරිකානු කොල්ලෙක් අපූරු වෙබ් අඩවියක් නිර්මාණය කළේය. ඩොලර් දහස් ගණන් ගෙවා බාගත කරගතයුතු වටිනා දත්ත, පර්යේෂණ පත්‍රිකා, චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලා නිත්‍යානුකූල නොවන සේ නොමිලයේම බාගත කිරීමට මේ  වෙබ් අඩවියට පිවිසෙන අයට  හැකි විය. නිරන්තරව චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා බාගත කරගන්නා අපේ අයත් මේ වෙබ් අඩවිය ගැන දන්නේය. ඒ ලෝක ප්‍රකට වෙබ් අඩවියක් වූ  Kickass torrent වෙබ් අඩවිය ය.

මේ වෙබ් අඩවිය නිර්මාණය කළ Artem Vaulin නැමැති තරුණයාට අපි වගේ උදවිය වැදුම් නොවැන්දා පමණය. නීත්‍යානුකූල බව හෝ සදාචාරය පිළිබද සංකල්ප කෙසේ වෙතත්   අන්තර්ජාලය  අපට පරිහරණය කළ හැකි තැනක් කරන්නට මේ තරුණයා කළ කොටස ඉතා විශාලය.

කෙසේ වෙතත් මේ වනවිට Artem ඉන්නේ එක්සත් ජනපද බලධාරීන්ගේ අත්අඩංගුවේය. යළිත් කිසි කළෙක Kickass වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට අපට හැකි වෙත්දැයි අප දන්නේ නැත. Artem ට එල්ල වී ඇති චෝදනාව බරපතලය. සිය වෙබ් අඩවිය ඔස්සේ නීත්‍යානුකූල නොවන සේ නොමිලයේ වෙනත් පුද්ගලයන්ට හෝ ආයතනවලට කර්තෘ අයිතිය හිමිවන ඩොලර් බිලියන ගණනක බුද්ධිමය දේපල හා තොරතුරු හුවමාරු කර තිබීම ඔහුට ඇති චෝදනාවය.

තවම තිස්වැනි වියේ පසුවන Artem විෂයෙහි අමරිකානු බලධාරීන් හැසිරෙන ආකාරය පිළිබද ඔහුට හිතවත් අපේ පැලැන්තියේ අය මිලියන ගණනක් බලා ඉන්නේ අවධානය සහිතවය.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.