2016 රියෝ ඔලිම්පික් කඩුල්ල පනින්න හදන සොඳුරු  වෙළඹ…

Michel1-1මෙවර ඔලිම්පික්  ක්‍රීඩා තරඟාවලියේ ධාවන ඉසව් සඳහා පිටියට බසින අනුරාගී නර්තනයකින් ප්‍රේක්ෂකයන් වශීකෘත කරන ඕස්ට්‍රේලියනු වෙළඹ, මිචෙල් ජෙනෙක් (Michelle Jenneke) මාධ්‍ය අවධානය දිනාගෙන සිටිනවා… 2012 ඔලිම්පික් හි දී සෑම තරඟයක් ආරම්භයේම ඇඟ උනුසුම් කරගැනීමට ඇය කරන මේ සුන්දර නර්තනයේ වීඩියෝ පටය මේ දිනවල උන්මාදයක් සේ අන්තර් ජාලයේ පැතිර යනවා…ඇය වරෙක කොමුපිලි නිරූපිකාවක වශයෙන්ද  ජනප්‍රිය වූවා…

Michel5The Richest වෙබ් අඩවිය මගින් ශ්‍රේණිගත කළ ලොව සරාගීම මළල ක්‍රීඩිකාවන් 20 අතර මිචෙල් ජෙනෙක් ජයග්‍රාහී පළමු තැන ඉන්නවා.  මිචෙල් ජෙනෙක්ට තවම වයස අවුරුදු  23 යි. ඇය උපදින්නේ නිව් සවුත්වේල්ස්හි කෙන්තර්ස්ට් වල.  2010 තරුණ ගිම්හාන ඔලිම්පික් උළෙලේ  මීටර 100 කඩුලු පැන දිවීම තරගයේ රිදී පදක්කම් ලාභිනියයි. ඇය පාපන්දු,  හෑන්ඩ්බෝල් වලට අමතරව ගස් නැගීමත් ක්‍රීඩාවක් ලෙස කරලා තියනවා.

ඇය 2010 ඔස්ට්‍රෙලියානු කනිෂ්ට ශූරතා තරගාවලියේ කාන්තා මීටර් 100 කඩුලුපැන දිවීම ඔස්ට්‍රෙලියානු වාර්තාව තැබුවා. 2011 වසරේ ඔස්ට්‍රෙලියානු කණිෂ්ට මළල ක්‍රීඩා තරගාවලියේ 20 න් පහළ මීටර 100 කඩුලු පැන දිවීම කාන්තා ඉසව්වේ ප්‍රථමස්ථානය දිනා ගත්තා. එම වසරේම 89 වන ඔස්ට්‍රෙලියානු ජාතික මළල ක්‍රිඩා උලෙළ ප්‍රථම වරට නියෝජනය කරන මේ සරාගී තරුණිය   ඉසව්වෙන් දෙවැන වුනේ ලෝක ශූර සැලී පියර්සන්ට (Sally Pearson)ට පමණයි.

Michel 6jpgදැනට මිචෙල් ජෙනෙක් ඔස්ට්‍රෙලියාවේ සිටින මීටර 100 කඩුලු පැන දිවීමේ ඉසව්වේ දෙවැනි වේගතවත්ම කාන්තාව. මේ ඉසව්ව සඳහා ඇයගේ හොඳම කාලය තත්පර 12.82. ඇය එය වාර්තා කරන්නෙ 2015 බ්‍රිස්බේන් හි පැවැත්වෙන ඔස්ට්‍රෙලියානු ජාතික මළල ක්‍රීඩා උළෙලෙදි. මේ වසරේ මාර්තුවල සිට මිචෙල් ඔස්ට්‍රෙලියානු ජාතික තලය නියෝජනය කරමින් ලෝකයේ සෑම ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියක්ම නියෝජනය කරනවා.  මේ තරගාවලිවල අවසානයේ මෑතක ඇය  හොඳම කාලය   වන්නේ තත්පර 12.93.jenneke 7

මේ සැරේ ඔලිම්පික්වල ඇය ලබා ගන්න පදක්කම ගැන අපේ ප්‍රේක්ෂකයන්ට කිසි උනන්දුවක් නෑ…  ඔවුන් බලාපොරොත්තුව ඉන්නෙ මේ වරත් ඔලිම්පික් සරන ඇයගේ සරාගී නර්තනය යි. ඇයටත් ඇයගේ රටටත් කෙසේ වෙතත්  ප්‍රේක්ෂකයන්ට නම්  ඇයගේ මියුරු නර්තනය මුලු ඔලිම්පික් උළෙලේම පදක්කම් වලට වඩා උනන්දුව උපදවනවා කියන එක ඇත්තක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.