විමල් නැති තැන පාළුයි

Wimal Kumara De Costaප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා දිවියෙන් සමු අරන්.
ඔහු මියයන විට හැට අටවැනි වියේ පසු වු බව ගුවන් විදුලිය නිවේදනය කරයි.

වේදිකාව මෙන්ම සිනමාව ද පසු කාලීනව ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර යේද විමල් තැබූ ලකුණ සිහිපත්වේ.
මේ සොඳුරු මිනිසා නැති තැන ඇවෙන පාළුව මතක් වනවිට අතීතය කඳුලක් ලෙසින් නෙත බොඳ කරයි.
විවිධ අසනීප හේතුවෙන් ඔහු කලක් තිස්සේ පීඩා වින්ද බව මතක් වන විට හැමදෙනාම හිනැස්සු මේ සොඳුරු
මිනිසා තව දුරටත් වේදනා විදින්නේ නැති බව මතක් වේ.

කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබු විමල් ඉරිදා (20) දහවල් නෙත් පියා ගෙන ඇත.

Wimal Kumara De Costaබඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක්, සරුංගලේ, එක්ටැම් ගේ, අහස් ගව්ව, සාගරිකා, මරුවා සමග වාසේ, ජීවිතයෙන් ජීවිතයක්, සතර දිගන්තය, උමයංගනා වැනි සිනමාපටවිමල් ගේ රංගනයෙන් ඔපවත් වූ හැටි මතක් වේ.

කැලණිය ගුරුකුලයෙන් නාට්‍යට අත්පොත් තැබූ විමල් සිනමාවට රැගෙන අවේ පතිය.
ඒධර්මසේන පතිරාජයන්ගේ සතුරෝ කෙටි චිත්‍රයෙනි.
ඒ.ජේ.සෙල්වදොරේගේ ‘ගොඩෝ එනකං‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතයට අත්පොත් තැබූ විමල් කුමාර ද කොස්තා පසුව හිතහොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරී, කොරා සහ අන්ධයා, මළකෝළං, දුන්න දුනුගමුවේ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ හැටි මතක් වේ.

මේ යුගයේ සිටි විශිෂ්ටම අභිරූපන රංග ශිල්පියයා වන්නේත් විමල්.

නික්ම යෑමට පෙර විමල් කියූ කථාවක් මතක් වේ

“අපි මිනිසුන්ට ආදරය කරන්න ඕනෑ. එවිට තරහ කාරයො වෛරක්කාරයො නැහැ. අද අඩු මට්ටමක තියන්නෙත් ඒකමයි. ජීවිතය නිතර අධ්‍යයනය කළ යුතුයි. උඩඟු නොවූ නළුවකු වීම සැබෑ මනුස්සකම. කාටවත් ඉරිසියා වෛර කරන්න හොඳ නැහැ. අලුත් පරපුරට මං කියන්නෙත් අනුන් බසට කන්දෙන්න. අනුන් අගය කරන්න. එවිට තමන්ට හරියනව කියලයි.
සුභ ගමන් මිතුර!

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.