ශෝක නොවන අශෝක ගෙන් අළුත් වැඩක්………………

asoka-hadagamaඅශෝක හඳගම යනු අළුත් වැඩට නිර්භයව ඇත ගසන සිනමාවෙදියකි. බජාර් බසින් කියතොත් ගේම ඉල්ලන්නත් දෙන්නත් පසුබට නොවන්න්නෙකි. අන්තර්ජාලය ඔස්සේ සිනමා නිර්මාණ නැරඹීමේ හැකියාව ලැබෙන Netflix ජාලයට ප්‍රථමවරට සිංහල චිත්‍රපටයක් මුදාහැරීමට අවස්ථාව ලබා ගෙන් ඇත්තේ කීප වතාවක්ම වාරණයට ලක්වූ අශෝකයි.

අශෝක හඳගම අධ්‍යක්ෂණ කළ ‘ඇගේ ඇස අග’ (Let Her Cry) චිත්‍ර පටිය Netflix ජාලයට මුදාහැරීම සමඟම ශ්‍රි ලංකාවේ සිනමා වේදීන්ට නව දොරටුවක් විවර වී ඇත. ඇගේ ඇස අග Netflix ජාලයට මුදා හරිනු ලැබුවේ සිංහල සිනමාවේ නිම් වළලු පුළුල් කිරීමේ අරමුණින් ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසක් විසින් පිහිටුවා ගන්නා ලද ‘සිනමාස් ඔෆ් ශ්‍රී ලංකා’ (cinemasofsrilanka.com) සංවිධානය විසිනි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රතිචාර

භාෂා ගණනාවකින් උප සිරැසි සහිතව සිය චිත්‍රපටය Netflix ජාලයේ නැරඹිය හැකිවීම සතුටට කරුණක් බව පැවසූ අධ්‍යක්ෂ අශෝක හඳගම, ලොව පුරා බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැනටමත් තමන්ට ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි අශෝක කියා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ පවතින සිනමා ශාලා අර්බුදය සහ වාරණය හේතුවන් Netflix වැනි අන්තර් ජාල නාලිකා වෙනුවෙන්ම නිෂ්පාදිත නිර්මාණ බිහිවීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.