සැම්ගේ පවුලට වාසනාව ගෙනා පොල්කිච්චා

Sam Bloomසමහරුන්ට නම් පොල්කිච්චා අසුභ දසුනකි. එත් ඔස්ට්‍රේලියවේ වෙසෙන සැම් බ්ලු සහ ඇගේ පවුලට නම් පොල්කිච්චා යනු සුර දූතිකවකි. අන්දමන් දුපතේ නිවාඩුවක් ගතකරමින් සිටි අවස්ථාවේ ඇය හේත්තු වී සිටි හෝටල් සඳළු තලයේ වැට කඩාගෙන වැටීමත් සමගම සැම් බ්ලුගේ හිසට දැඩි ලෙස තුවාල වූ අතර හිස් කබල පිපිරී ගියේය. ඇයට ජීවිතය ගැලව ගත හැකි වුවත් ඇය රෝද පුටුවට වැටුණි. ඉන් අනතුරුව ඇයට ඇය කෙරෙහිම දැඩි කෝපයක් ඇතිවිය. ඇය දැඩි මානසික අවපීඩනයකට ගොදුරු වුවාය. ඇයටත් , ඇගේ සැමියාටත්, දරු තිදෙනාටත් ජීවිතය තිත්ත වන්නට පටන් ගැනින. මේ අතර වාරයේ කූඩුවෙන් බිමට වැටුණු පොල්කිච්චි පැටවෙක් ඔවුන්ට හමුවිය. පොල්කිච්චා හදා වඩා ගත යුතු බව පවුල ඒකමතික තීරණයක් ගත විට සැම් ඉතා කැමැත්තෙන් පොල්කිච්චාට සත්තු කිරීමට භාර ගත්තාය.

දිනෙන් දින තත්වය වෙනස් විය. පොල්කිච්චා පවුලේ සාමාජිකයෙක් විය. දරුවන් සිටින තැන වලත් සැම් රෝද පුටුවෙන් ගමන් ගත්දිත් ඔවුන් පසු පස පොල්කිච්චා ඒමට පටන් ගත්තේය. විටෙක පොල්කිච්චා දින ගණන් අතුරුදහන් විය. එවිට මුළු පවුලම ඇය එනතුරු කවුළු දොරෙන් බලා සිටිය. මේ සියල්ල සිදුවෙද්දී සෑම්ගේ මානසික අවපීඩනයද තුරන් විය. පුලට සතුට ලඟා විය. මේ පොල්කිච්චා නම් කර ඇත්තේ පෙන්ගුවින් යනුවෙනි.

මේ පොල්කිච්චා හා සැම්ගේ පවුල වටා දැන් අපූරු ජායාරූප එකතුවක් පලවී ඇත. මේ වන විට පොල්කිච්චා සැම්ගේ පවුල අතහැර නික්ම ගොසිනි. එහෙත් පොල්කිච්චා තැබූ මතකය හේතුවෙන් සදාකල්ම පොල්කිච්චා තම හිත් තුල ජිවත් වනු ඇතැයි සැම් බ්ලු කියන්නීය. යලිත් පොල්කිච්චා එනතුරු ඔවුන් කවුළු දොරෙන් බලා සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.