අජිත් මන්ත්‍රීකම පරදුවට තබා හදුන්ට අභියෝග කරයි

Ajith P. Pereraවිගණකාධිපතිවරයාට එල්ල කෙරුණු බලපෑම් නිසා පොදු ව්‍යාපාර පිළිබද පාර්ලමේන්තු තේරීම්කාරක සභා රැස්වීමෙන් නැගිට ගිය බවට එම සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ප්‍රකාශය නිවැරදි බව ඔහු ඔප්පු කරන්නේ නම් තමා සිය මන්ත්‍රී ධුරයෙන් සහ නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යැයි විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය නීතිඥ අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

ඔහුට ඒ බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත් සුනිල් හඳුන්නෙත්ති මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ද අජිත් පී පෙරේරා අවධාරණය කර සිටියි.

cope-sunil-handunneththiවිදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා මේ බව පැවසුවේ පොදු ව්‍යාපාර පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති සුනිල් හදුනෙත්ති මහතාගේ භූමිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති මහතා පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම්කාරක සභා රැස්වීමෙන් නැගිට ගියේ තමා අපක්ෂපාතී නොවන බවට කාරකසභාවේ සමාජිකයින් විශ්වාස කරන නිසා ඊට සුදුසු පුද්ගලයෙකු සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට ඉඩ කඩ සලසා දෙමින් ඉවත්වී යන බව කියමින් යැයි පෙන්වා දුන් අජිත් පී පෙරේරා මහතා ඔහුගේ එම ප්‍රකාශය කාර්ය සටහන් වල පැහැදිලිව තිබෙන්නේ යැයිද හෙළි කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.