web site counter

අපට ලියන්න

දැනුම යනු බෙදා හදා ගැනීමට ඇති යමක් බව ඔබ විශ්වාස කරන්නේ නම් අප හා එක්වන ලෙස සාදරයෙන් ඇරයුම් කොට සිටිමු.

අපේ විෂය පරාසය පුළුල්ය. ඉතිහාසය, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, ඔබේ ගම්දොර තොරතුරු, ජීවන අත්දැකීම්, විවිධ රට රට තොරතුරු, කවි, චාරිකා අත්දැකීම්, වෘත්තීය මාර්ගෝපදේශනය, ආශ්‍රිතව ලිපි එවන්න.

කෙටි ප්‍රවෘත්ති වාර්තාවක් වචන 100ක් පමණ වන අතර, වාර්තාංග ලිපියක් වචන 500 ට අඩු විය යුතුය. කෙසේ වෙතත් වචන පිළිබඳ නිශ්චිත සීමාවක් නොමැත.

ඔබේ නිර්මාණ සඳහා ද ඉඩ වෙන් කල හැකිය. කවි, කෙටිකතා, ගීත විචාර සහ සාහිත්‍යය විචාර වලට අප විවෘතය.

ඔබට ඔබ ගැන යමක් කියන්න අවශ්‍ය නම් ඉඩකඩ ලබා දිය හැකිය.

ලිපිය සංස්කරණය කිරීමෙ සහ වගකීම අප සතුව තබාගන්නේ ඉහළ ගුණාත්මයෙන් යුතු සේවාවක් සැපයීම සඳහාය.

ඔබට චිත්‍ර ඇඳිය හැකි නම්, කාටූන් නිර්මාණය කර හැකිනම්, දිගුකාලීන පදනමක් මත චිත්‍ර සම්පාදනය කළ හැකි නම් අපට දන්වන්න.

ඔබට නව මාධ්‍ය නිර්මාණකරණය ගැන පුහුණුවක් ලැබීමට අවශ්‍ය නම් එම පුහුණුව ලබා දීමටත් අපට කටයුතු කළ හැකිය. 25 දෙනෙකුට වඩා සිටීනම් ඔබ සිටින තැනට අපට පැමිණිය හැක, එසේත් නැත්නම් කොළඹ පවත්වන පුහුණු වැඩමුළුවලට ඔබට සහභාගි විය හැකිය. [email protected] වෙත ඔබේ කෙටි විස්තරයක් හා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් දන්වන්න.

විශ්වසනීය ලෙස තොරතුරු සම්පාදනය කිරිම සහ කිසිදු ආගමකට, ජාතියකට, වර්ගයකට, හෝ ලිංගයකට අයත් පුද්ගලයෙකුට/පුද්ගලයින්ට අවමන් නොකිරීම ඔබේ වගකීමයි.

විශේෂාංග ලිපි ලිවීමේදී මූලාශ්‍ර සඳහන් කරන්න.

වෙබ් අඩවියේ ගුණාත්මක අගය පවත්වාගෙන යෑම සඳහා අප පළ කරනු ලබන ලිපිවල ප්‍රමිතිය ගැන අප සැලකිලිමත් වන හෙයින් එවනු ලබන සියලු ලිපි පලකරණ බවට පොරොන්දු විය නොහැක. කෙසේ වෙතත් ඔබ එවන යමක් පළ කරන්නෙ නැත්නම් ඊට හේතු දැක්වීමට අපි බැඳී සිටිමු. එසේම ඔබේ නිර්මාණකරණ හැකියාව වැඩි දියුණු කිරීමටත් ඒ සඳහා කැප වෙමු.

පළ කරනු ලබන සියළුම විශේෂාංග ලිපි සහ වාර්තා සඳහා ගෙවීම් කරනු ලැබේ. කෙටි වාර්තාවක් හදා රුපියල් සීයයක් ද, වචන පන්සීයක පමණ වාර්තාවක් සඳහා රුපියල් පන්සියක් ද ගෙවනු ලබන අතර කවි කෙටිකතා ගීත විශාල ආදී නිර්මාණකරණයට අදාල ලේඛන වලට ගෙවීම් කරනු නොලැබේ.

ජංගම දුරකතනයෙන් ගනු ලබන ඡායාරූප අප වෙත එවන්න එයින් ඔබ දිරිමත් කරමු.

අපේ වෙබ් අඩවියේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් වීමට ඔබ කැමති නම් ඒ බව අපට ලියා දන්වන්න.

ලිපි සහ සියළු විමසීම් සඳහා [email protected]