ඩෙංගු මඩින්න ක්ලෝරොෆිල්

මෙරටට පැමිණ සිටින ජර්මන් ජාතික විශේෂඥයකු වන මහාචාර්ය ඩෝනාට් පීටර් හේඩර් මහතා විසින් හඳුන්වාදී ඇති ‘ක්ලෝරපිල්’ හෙවත් හරිතප‍්‍රද ආශ‍්‍රයෙන් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේ විෂ රහිත තිරසාර ක‍්‍රමවේදය මෙරට ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ක්ලෝරපිල් හෙවත් හරිතප‍්‍රද මෙරට බෝග වර්ගවල මෙන්ම තණකොළ, කෙසෙල් කොළ වැනි දෑවල යහමින් අන්තර්ගතව පවතින බවත්, එම ක්ලෝරපිල් සරල රසායනික විද්‍යාත්මක ක‍්‍රියාවලියක් මගින් ‘ක්ලෝරපින්’ නමැති සාන්ද්‍රණයක් තනා එය භාවිතා කිරීමෙන් ඩෙංගු මදුරු කීටයන් විනාශ කළ හැකි බව මහාචාර්ය හේඩර් මහතා ප්‍රකාශ කොට තිබේ

ක්ලෝරපිල්වල විෂ ගතියක් පෙන්නුම් කරනුයේ හිරු එළියට නිරාවරණය වීමෙන් පමණක් වීම නිසා හිරු එළිය වැටීමෙන් මදුරු කීටයා තුළ විෂ ඇති කර ඔවුන් පහසුවෙන් මර්දනය කළ හැකි බව මහාචාර්යවරයා ගේ අදහසයි.

මෙම ක්‍රමය මිනිසාට හා පරිසරයට කිසිදු හානියක් නොවන නිසා මෙරට ජාතික ඩෙංගු මර්දන ඒකකය හා වෛද්‍යපර්යේෂණ ආයතනය හා එක්ව අත්හදා බැලීමට කටයුතු කරන බව මහාචාර්යවරයා වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.