
ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුව ඉදි කිරීමේ කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මෙම අදහස් දැක්වීම සිදුකොට ඇත්තේ ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා යි.
මෙරටට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයෙන් අප රට තුළ පිරිපහදු කරනුයේ සියයට 30ක් පමණ ප්‍රමාණයක් බවත්, ඉතිරි ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ නිසා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව හා හම්බන්තොට ඉන්ධන පිරිපහදුවට අමතරව තවත් විශාල මට්ටමේ ඉන්ධන පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතී.