
ඇමරිකාවේ Vermont විශ්වවිද්‍යාලයේ සහ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයන් විසින් ලොව පළමුවන ජෛව රොබෝවක් පසුගියදා නිර්මාණයකොට ඇත. අප්‍රිකානු අඬු ගෙම්බා ලෙස හැඳින්වෙන Xenopus lavis නමැති සත්ව වර්ගයේ මූල ෙසෙලයක් මගින් මෙම රොබෝව නිපදවන ඇත. මෙය නමි කොට ඇත්තේ Xenobot නමින්ය.
මෙම රොබෝවා මිලිමීටර් 1ක් විශාල ගෙම්බෙක් නොවන ජීවියෙකි. විද්‍යාඥයන් මෙය රොබෝ යන නාමයෙන් හඳුන්වනු ලැබූවද මේ සත්ත්වයා සාම්ප්‍රදායික රොබෝ අර්ථකථනයෙන් වෙනස් වූවකි.
සාම්ප්‍රදායික රොබෝවා ඒ තුළ ඇති පරිගණකයකින් පාලනය වෙයි. එහෙත් Xenopus lavis ගෙඹි ෙසෙලය ආශ්රයෙන් නිපදවන ලද ජෛව රොබෝ සත්ත්වයාගේ ශරීරය පරිගණකයට සම්බන්ධ නැත. මේ ජෛව රොබෝවාගේ එක් විශේෂත්වයක් වන්නේ ගෙඹි ෙසෙලයකින් සැදුනේ වුවද ගෙම්බෙකු නොවීමය.
මේ රොබෝවා තුළ තවත් ඇති වැදගත් විශේෂත්වයක් තිබේ. එනම් පරිගණකයට දත්ත ගබඩා කරන පරිදි මේ ජෛව රොබෝවා තුළද දත්ත ගබඩා කළ හැක.
එසේම මේ රොබෝවා පරිගණකයක් Programme කරනවාක් මෙන් Programme කර අභිමත කටයුත්තක් සඳහා යෙදවිය හැකිය.
විද්‍යාඥයන්ගේ ප්‍රධාන අභිමතය වන්නේ මනුෂ්‍ය ශරීරයේ රුධිර නාලිකා තුළට ඖෂධ බෙදාහැරීම සඳහා මේ රොබෝවා යොදා ගැනීමය. Xenobots ගේ සිරුර මිලි මීටරයක ප්‍රමාණයකින් යුක්ත වීම මගින් එම අරමුණ ඉතා පහසුවෙන් ඉටුකර ගත හැකිය.
එපමනක්නොව මේ රොබෝවන් බිලියන ගණනින් නිපදවා මහා සාගරවලට මුදාහැර ඒවායේ ඇති අපිරිසිදු අංශු කා දැමීමට ඔවුන් යෙදවීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
Xenobots රොබෝවා සැලසුම් කරන ලද්දේ පරිගණකයක් මගින්ය.. අප්‍රිකානු අඬු ගෙම්බාගෙන් ලබාගත් සෛල එක් පරිගණක සැලසුමකට අනුව සකස් කිරීම මෙහිදී සිදුවිය.