අන්තෝනියෝ ග්‍රාම්ස්චි – සමාජ වෙනස හා සංස්කෘතිය

සමාජයේ උපරි ව්‍යූහය පිළිබඳ කරන ලද විග්‍රහයන්ගේ ප්‍රධානතම න්‍යායවේදියා වන්නේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි ය. ලංකාවේ නොතකා හැරුණු හෙයින් මෙවර අප ඔහුව සැකවින් හඳුනාගැනීමට උත්සාහ දරමු.

ග්‍රාම්ස්චි උපත ලැබුවේ දකුණු ඉතාලියානු දිවයිනක් වන පාන්දියාවේ ය. ඔහු පහළ මධ්‍යම පංතියේ පවුලක උපත ලද අතර ඔහුගේ පියා ලේඛනාගාරයක ලිපිකරුවෙක් වශයෙන් සේවය කළේ ය. ග්‍රාම්ස්චි කුඩා කාලයේම ඔහුගේ පියා රැකියාවෙන් අස් කිරීම හේතු කොට ගෙන පවුලට ආර්ථික වශයෙන් ඉතාම දුෂ්කර කාලයක් උදා විය. වයස දහයෙදි පමණ ග්‍රාම්ස්චි ලේඛනාගාරයක ළමා කම්කරුවෙකු වශයෙන් වැඩ කරන්නට සිදු විය. ඔහු වරින් වර උසස් අධ්‍යාපන ආයතන හා විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත ද ඔහුගේ අධ්‍යාපනය ක්‍රමවත් නොවීය. තරුණ අවධියේදී ඉතාලි කම්කරුවන්ගේ ප්‍රධානතම දේශපාලන පක්ෂ වූ ඉතාලි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරියෙකු විය. දෙවැනි ජාත්‍යන්තරයේ අවස්ථාවාදය ඉස්මතු වීම හේතු කොට ගෙන ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය භේදභින්න වීමේ දී ඉතාලි සමාජවාදී පක්ෂය ද දෙකඩ විය. එහිදී ලෙනින්ගේ වැඩපිළිවෙළ පිළිගත් ඉතාලි කොමියුනිස්ට් පක්ෂය බිහිවිය. ග්‍රාම්ස්චි 1920 දී ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ධූරයට පත් විය. මේ අවධියේ ඉතාලියේ සමාජ ආර්ථික දේශපාලන අර්බුද උත්සන්න වී තිබූ අතර 1920-21 ඉතාලිය පුරා කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස සටන් වදින්නට විය. කර්මාන්ත ශාලා පාලනය කම්කරු කමිටු විසින් අත්පත් කර ගන්නා ලදී. නමුත් බහුජන සහයෝගය නොමැති වීමෙන් විප්ලවය පරාජයට පත් විය. පැරණි ඉතාලි සමාජවාදී පක්ෂයේ නායකයෙක් වූ බෙනිටෝ මුසලෝනිගේ ෆැසිස්ට් පක්ෂය බලය අත්පත් කර ගන්නා ලද අතර 1928 ග්‍රාම්ස්චි ෆැසිස්ට්වාදීන් විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. 1937 අප්‍රේල් මස ඔහු නිදහස් කළ ද එම මස අග භාගයේ ඔහු මිය ගියේ ය.

සිර ගෙදර ගත කළ කල කාලවකවානුව තුළ රචනා කරන ලද ‘සිර ගෙයක සටහන්’ නැමැති කෘතිය මගින් සමාජයේ උපරි ව්‍යූහයේ දේශපාලන හා මතවාද තලයන් සම්බන්ධ ඔහුගේ ප්‍රවාදයන් ඉදිරිපත් කරන ලදී.

දේශපාලන තලයේ පවතින ආධිපත්‍යය හා මර්ධන තන්ත්‍රය පිළිබඳ “නූතන පාලකයා” යන ලිපියෙන් ඉදිරිපත් කරනු ලබයි. එහිදී ඔහු මර්දනය නැසීම සම්බන්ධ ප්‍රධාන කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතු බව පවසයි.

පළමු කොන්දේසිය පාලක ශ්‍රේණීන් විසින් මර්ධන උපකරණ මත සම්පූර්ණ මතවාදී ආධිපත්‍යයක් පැවසිය යුතු අතර එම පරිපූර්ණ ආධිපත්‍යය මර්ධන උපකරණවල විනයෙන් ප්‍රකාශ විය යුතුය. දෙවැනි වැදගත් කොන්දේසිය වන්නේ මර්ධනය සම්පූර්ණ සමාජ වයූහයේම පැතිර නොයාමට පාලක ශ්‍රේණීන් වගබලා ගත යුතුය යන්නය. ආධිපත්‍යය හා මර්ධනය පිළිබඳ ග්‍රම්ස්චිගේ සංකල්පයන් ඉදිරිපත් වන්නේ සමකාලීන ඉතාලියේ දේශපාලන අර්බුදය හා සම්බන්ධ වීමෙන් බව අවධාරණය කළ යුතුය.

දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ඔහුගේ විග්‍රහයේදී දේශපාලන අර්බුදය දේශපාලන ක්ෂේත්‍රයේ තබා විග්‍රහ කිරීමට උත්සාහ දැරීය. එහිදී දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදයක පරාවර්තකයක් වශයෙන් නොගත් ග්‍රාම්ස්චි “දේශපාලන අර්බුදය වූ කලී චිරාගත යම් නායකත්වයක් පසුපස ගමන් කරන්නට පුරුදුව සිටි පන්තීන් තව දුරත් එසේ නොකරන විට” ඇතිවන තත්ත්වයක් බව අවධාරණය කෙරිනි. මේ විග්‍රහයන් සඳහා ඔහුට ඉතාලියේ 1920-25 කාල වකවානුවේ දේශපාලන ස්වභාවය මනෝමූලික ලෙස බලපෑම් කරන්නට ඇති බව පෙනේ.

දේශපාලනයේදී පන්තියේ ප්‍රතිවිරෝධතාවය පිළිබඳ ප්‍රශ්නයේදී ඔහු “ඓතිහාසික හවුල” ප්‍රවාදයන් මගින් ඉදිරිපත් කරයි. එහිදී ඔහුට 1920 -21 වකවානුවේ ඉතාලි විප්ලවයේ පරාජයේ බලපෑම් තිබුණු බව පෙනේ. උතුරු ඉතාලිය, දකුණු ඉතාලිය අතර දැවැන්ත පරතරය ( උතුරු ඉතාලියේ ධනේශ්වර සංවර්ධනය ඉතා ඉහළ මට්ටමක තිබුණු අතර දකුණු ඉතාලිය වැඩවසම් සම්බන්ධය සහිත අර්ධ වැඩවසම් සමාජයකි) එයින් උතුරු ඉතාලියට එරෙහිව දකුණු ඉතාලියේ කෘෂිකාර්මික හවුලක් පවතින බවත් එස කෘෂිකාර්මික හවුල ගොවි කම්කරු සන්ධානයකට බාධාවක් බවත් අවධාරණය කළේය.

අන්තෝනියෝ ග්‍රාම්ස්චි උපරි ව්‍යුහය පිළිබඳ විග්‍රහයේදී, දේශපාලන ක්ෂේත්‍රය විග්‍රහ කිරීමට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සංකල්පයන් කිහිපයකි. “ආධිපත්‍යය හා මර්ධන යන්ත්‍රවය” යන සංකල්පයෙන් පාලකයින් හා පාලිතයින් අතර සම්බන්ධය විග්‍රහ කළේය. “කෘෂිකාර්මික හවුල පිළිබඳ සංකල්පයෙන්” ප්‍රතිවිරුද්ධ පන්තීන් සුවිශේෂී දේශපාලන වාතාවරණයකදී බහු පාන්තික පෙරමුණට පැමිණිය හැක්කේ කෙසේද? යන්න විමර්ශනය කෙරේ. දේශපාලන අර්බුදය පිලිබඳ නවතම නිර්වචනයක් ඉදිරිපත්කරනු ලබයි. මේ සියල්ල ඔහුගේ විග්‍රහයට ලක් කිරීමේදී පදනම සැලකිල්ලට නොගැනීමත්, පදනම මූලික කොට නොගැනීමත් හේතු කොට ගෙන දේශපාලන ක්ෂේත්‍රයේ ඔහුගේවිග්‍රහය අවිද්‍යාත්මක ය. නිර්මාක්ස්වාදී වේ.

සමාජයේ උපරි ව්‍යූහයේ දේශපාලන තලයේ මෙන්ම අනෙක් සුවිශේෂි තලය වෙන්නේ මතවාදී තලයයි. ඒ සම්බන්ධ ග්‍රම්ස්චිගේ ප්‍රවාදයන් “සිරගෙයක සටහන්” කෘතිය තුලින් ඔහු ඉදිරිපත් කර ඇත. එහි දී ඔහු ජනතා පිරිස් එකට බැඳ තබා බලවේගයන් ලෙසින් එකට ක්‍රියාත්මක කිරීමෙහි ලා මතවාදයේ ඇති වැදගත්කම, මෙන්ම එම මතවාදයන් ගොඩ නැගීමේ හා එම මතවාදයන් ගොඩ නැගීමේ හා එම මතවාදයන් සමාජයේ ක්‍රියාත්මක වන සමාජ බලවේගයක් බලවේගයක් බවට පත්කිරීමේදී බුද්ධිමතුන් ගේ කාර්යභාරය සම්බන්ධයෙන් නිවැරදි විග්‍රහයක යෙදුනද බුද්ධිමය ශ්‍රේණීන් පිළිබඳ ඔහුගේ විග්‍රහයේ දී සමාජයෙන් වියුක්ත කොට ගන්නා බුද්ධිමය කොටසක් සම්බන්ධව අවසානාත්මක මතයක් දරයි.

මෙලෙස ග්‍රාම්ස්චි චින්තනයේ මූලික එළඹුම නම් ආර්ථික පදනම විසින් උපරි ව්‍යූහය නිශ්චය නිවැරදි නොවන බවත්, උපරි ව්‍යූහයට එයට සුවිශේෂී වූ පැවැත්මක් හා ඉතිහාසයක් ඇති බවත්ය. ආගම මතවාදය බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරිත්වය දේශපාලන අර්බුදය, පිළිබඳව ඉදිරිපත් කළ විවරණය මෙසේ වූයේ ස්වාධීනත්වය අරමුණු කොට ගත් දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදය පිළිබඳව ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන ලද විවරණයන් මෙසේ උපරි ව්‍යූහයේ ඇති අර්ධ ස්වාධීනත්වය අරමුණු කොට ගත්තකි. දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදයේ පරාවර්තනයක් ලෙස නොගත් ග්‍රාම්ස්චි දේශපාලන අර්බුදය විශේෂිත ආකාරයක නායකත්ව හා අධ්‍යාපනය බිඳී යාමක් නෙස නිර්වචනය කළේය. පොදුවේ ගත්කළ මාක්ස්වාදයේ සංවර්ධනයන් ගැන කතා කළ ඔහු සමාජය විග්‍රහ කිරීමේ දී සමාජ ආර්ථික පදනම තුලින් නොව උපරි ව්‍යූහයේ අංගයන් තුළින් එය කිරීමට පෙළඹුනු අයෙක් විය.

විදර්ශන – 1998 දෙසැම්බර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.