ජන පීඩාව අවම කර කොරෝනාව පාලනය කරන්න – කුසල් පෙරේරා

ජනතාවට ඇතිවන පීඩාව අවම කරමින් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් යෙදීම රජයේ වගකීම බව මාධ්‍යවේදී කුසල් පෙරේරා පෙන්වා දෙයි.

දෛනික පදනමක් මත ජීවත්වන ජනතාව ගැන නොසලකා වෛරස ආසාදන පාලනය කරගත නොහැකි බව කුසල් පෙරේරා පෙන්වා දෙයි.

රට “පූර්ණ වශයෙන් වසා දැමීමකට” ජනාධිපති ඉතා පැහැදිලිව අකමැති වූවත් වෛද්‍යවරුන්ගේ සංගමය සහ කොළඹ මැද පංතිකයින් දැඩිව ඉල්ලා සිටි ඒ පූර්ණ වසා දැමීම, කෝවිඩි-19 පැතිරීම පාලනය කිරීමට අසමත් ඔහු බවයි ඔහු තර්ක කරන්නේ.

මේ සඳහා ඉදිරිපත් කරන යෝජනා

01. MOH කාර්යාල ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් වහා සැපයිය යුතුය. එහි සේවයේ නියුතු සියල්ලන්ට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දින 02 ක සැසි පැවැත් විය යුතු අතර, ඒ සඳහා දැනට නිවාඩු පිට ඉන්නා වෛද්‍ය පීඨ ඇදුරන්ගේ සහාය ලබාගත යුතුය. ග්‍රාම සේවා නිලධාරීන්ගේද සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදා දිය යුතු දැනුවත් කිරීමේ පත්‍රිකාද ලබා දිය යුතුය.

02. සියලු MOH කාර්යාල වලට හදිසි ඇමතුම් සඳහා වෙන් කෙරුණු විශේෂ දුරකතන අංකයක් ලබා දිය යුතුය. එය කෝවිඞ්-19 පිළිබඳව හා ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට තොරතුරු ලබාගත හැකි ලෙස විවෘතව තැබිය යුතුය.

03. කෝවිඩි-19 සම්බන්ධයෙන් පළමු පරික්ෂණ කිරීමේ සියලු පහසුකම් සියලු MOH කාර්යාල වලට වහා ලබා දිය යුතුය. එම පරීක්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ නිලධාරිනිය විසින්ම කළ යුතුය.

04. ආසාධිත යැයි හෙළි වූ විගස එම පුද්ගලයා වහා ස්වයං නිරෝධායනයට යටත් කළ යුතු අතර එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් එම පුද්ගලයා සහ නිවසේ සෙසු පුද්ගලයින් දෛනිකව නියාමනය කළ යුතුය. (අතීත සම්ප්‍රදායක් වූ පැපොල, සරම්ප වැනි රෝගියකු නිවසේ නිරෝධායනයට තබා ඉන්නා විට අසල්වැසියන්ගේ දැන ගැනීමට නිවසේ ප්‍රධාන දොරටුවෙහි අඹ කොළ හෝ කොහොඹ කොල එල්ලා තැබීම, නැවත හඳුන්වා දිය යුතුය)

05. දෛනිකව එකතු කරනු ලබන ප්‍රාදේශීය තොරතුරු හා දත්ත අප්‍රමාදව MOH කාර්යාල වලදී පරිඝණකගත කිරීමත් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යගත තොරතුරු ගොන්න හා ජාලගත කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව එම දත්ත හා තොරතුරු ජාතික මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය හා සම්බන්ධ කළ යුතුය.

06. සියලු දිස්ත්‍රික්ක සඳහා කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීමේ කමිටු පිහිටු විය යුතුය. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු විය යුතුය. සතියකට වරක් එම කමිටුව රැස් විය යුත්තේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.

07. දිස්ත්‍රික්කයේ සියලු MOH කාර්යාලවල දෛනික කටයුතු මෙම දිස්ත්‍රික් කමිටුව විසින් සම්බන්ධීකරණය කළ යුත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරි හරහා ය.

08. දිස්ත්‍රික් මායිම්, අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවක සේවිකාවන්ට සහ ආහාර හා ඉන්ධන ප්‍රවාහනයට හැර සාමාන්‍ය ගමනා ගමනයට මසක කාලයකට වසා තැබිය යුතුය. දිස්ත්‍රික්කය තුල සාමාන්‍ය ආර්ථික හා වෙළඳ කටයුතු වෙනුවෙන් වෙළඳසල්, භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන, බැංකු සාමාන්‍ය අයුරු පවතත්වා ගත යුතුය. ඒ සමග සාමාන්‍ය ජනතාව කෝවිඞ්-19 පැතිරීම වළකා ගැනීමට අවශ්‍ය පියවර ගන්නේදැයි MOH කාර්යාල විසින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය අයුරින් නියාමන කාර්යන් පවත්වා ගත යුතුය.

09. දිස්ත්‍රික් ලේකම් විසින් කෝවිඞ්-19 වසංගතයට අදාල දිස්ත්‍රික්කයේ තොරතුරු හා විස්තර සති පතා සෑම සඳුදාවකම ඔහුගේ නිල දිස්ත්‍රික් වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.

10. පාසල්, අමතර පංති, අලුත් අවුරුදු උත්සව සහ දේශපාලන සංවිධාන කටයුතු වැනි ඉසව් මසක කාලයකට පූර්ණ ලෙස තහනම් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.