නිලධාරීන් අසරණ කිරීම සාධාරණද?

පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද සීමාව ඉක්මවා ණය ගැනීම පිළිබඳව විපක්ෂය චෝදනා එල්ල වී තිබේ. පාර්ලිමේන්තුවෙන් අනුමත සීමාව ඉක්මවමින් රටේ ජනතාව ණයකාරයන් බවට පත්කිරීම බරපතළ වංචාවක් බව විපක්ෂය කියා සිටින අතර මේ මොහොතේ ආණ්ඩුව සද්භාවයෙන් ක්‍රියාත්මක වන බව ආණ්ඩුවේ පාර්ශව කියා සිටී.

තමන්ට ඕනෑ හැටියට පුරවැසියන්ව ණයකාරයන් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හෝ මුදල් අමාත්‍යාංශයට ලැබෙන්නේ නැති බව විපක්ෂය පවසයි.

මෙලෙස වංචා සහගත ලෙස සීමාව ඉක්මවා ණය ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විපක්ෂයෙන් තර්ජන එල්ල වෙතත්

මේ මොහොතේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් මේ ක්‍රියාවලිය ආශ්‍රිත නිලධාරීන් දැඩි අසහනයකට පත්වීමට ඉඩ ඇත. මේ කඹ ඇදිල්ල නිලධාරින්ගේ පිටින් යාමට ඉඩ තියේ ද යන ප්‍රශ්නය මතුවේ.

1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනත:

1982 අංක 40 දරණ ණය (විශේෂ විධිවිධාන) පනතට අනුව අතුරු සම්මත ගිණුමෙහි ඇති සීමාව ඉක්මවා ණය ගත හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

පනත දැන් පවතින තත්වයට අදාල වන්නේ නැති බව විපක්ෂ හිතවාදී විචාරකයෝ පවසති. එහෙයින් නිලධාරීන් යළිත් වතාවක් අසරණ වී සිටිති. විපක්ෂය තර්කය වන්නේ ණය ගැනීමේ සීමාවක් පාර්ලිමේන්තුවෙන් පනවා ඇත්නම් ඊට අවනත විය යුතු බවයි.

පාර්ලිමේන්තුව මහජනතාවගේ මුදල් පිළිබඳ සම්පූර්ණ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති ආයතනයයි. ඉතින්, මහජනතාව ණයකාරයන් කිරීම පිළිබඳවද සීමා පැනවීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවටය.

ප්‍රශ්නෙ වන්නේ යම් හෙයකින් පාර්ලිමේන්තුව යළි කැඳවූ වුවහොත් ඔවුන් කරන්නේ ණය සීමාව ඉක්මවා යාමට අවසර දීම නම් දැන් පවතින තත්ත්වය පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව ඇතිවුන තත්ත්වය අතර ඇති වෙනස කුමක් ද යන්නයි.

දේශීය හා විදේශීය ණය ගැනීමේ සීමාව ?money

2019 ඔක්තෝබර් අතුරු සම්මත ගිණුමෙන් දේශීය හා විදේශීය ණය ගැනීමේ සීමාවක් දක්වා තිබුණි. ඒ රුපියල් බිලියන 721කි.

2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 841ක් දක්වා ණය ලබාගෙන ඇත.

එනම් අතුරු සම්මත ගිණුමෙන් පනවා තිබූ සීමාව උල්ලංඝනය කර ඇත. මේ බව වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවක දැක්වෙයි. එමෙන්ම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරද භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යැවූ ලිපියකින් මේ බව පෙන්වාදෙයි.

එසේම, රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මැයි 10 දින නිකුත්කර තිබු නිවේදනයක ද සඳහන් විය.

”රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මැයි 10 දින නිකුත්කර තිබු නිවේදනයක ද සඳහන් විය.”

රුපියල් බිලියන 42.5ක් වටිනා සංවර්ධන බැඳුම්කර, චීනයෙන් ලබාගත් රුපියල් බි ඇහැලියගොඩලියන 96.5ක ණය මුදල හා රුපියල් බිලියන 702.3ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මෙලෙස ලබාගෙන ඇති ණය වේ.

ඒ අනුව ආණ්ඩුව සීමාව ඉක්මවා ඇත. නීතිවිරෝධී ලෙස ක්‍රියා කොට ඇති බවයි විපක්ෂය කියා සිටින්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂයට මෙවැනි අදහස් දැක්වීමේ ඉඩකඩ තිබිය යුතුය. එහෙත් මෙම අදහස් නිලධාරීන් වෙත පීඩනයක් එල්ල කරන්නේ නම් පැහැදිලි ප්‍රකාශයක් කිරීම රජයේ වගකීමයි. එවැන්නක් සිදුව ඇති බවක් පෙනෙන්නට නැත.

විමුක්තිය ඇහැලියගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.