බඩු මිලදී ගන්නා පෝලිම කියන කතාව

Sathosa

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමග රට පුරා නගර ගණනාවකම වෙලද සැල් ආශ්‍රිතව ඇතිවූ දිගු පෝලිම් ගැඹුරු කතාවක් කියා සිටී. ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙන බව සහ බඩු භාණ්ඩ හිඟයක් ඇති විය හැකි බව මීට දින කිහිපයකට පෙර සිටම කතාබහට ලක්විය.

ඇති හැකි අය මේ මොහොතේම බඩු භාණ්ඩ මිලදී ගත්හ. සමහරු ලක්ෂ ගණනක බඩු ගොඩ ගසා ගත්තා. ඇඳිරි නීතිය පැනවූ වහාම මේ තරම් දිග පෝලිම් ඇති වීමෙන් පෙනී යන්නේ ජනතාව අතර මිල මුදල් හිඟ බවය. බහුතරය අවසන් මොහොත වනතෙක්ම බඩු මිලදී ගැනීම කල් දැමූ හ.

පරිප්පු සහ සැමන් මිල අඩු කිරීම හේතුවෙන් භාණ්ඩ හිඟ වී තිබේ. දිගින් දිගටම මෙවැනි අඩු කිරීම මගින් ප්‍රශ්න විසදිය නොහැක. මීළඟ ගැටලුව මතුවන්නේ සහ සම්බන්ධයෙන්. හාල් මෝල් වල ඇති හාල් වහම රජයේ භාරයට ගෙන අවශ්‍ය වෙතත් බෙදාහැරීමට රජය සූදානම් විය යුතුය.

සිසුන් ළමුන්, ගර්භනි මාතාවන් රෝගීන් සහ වැඩි වයස්ගත උදවිය ගේ ආහාර සුරක්ෂිතාවය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් කෙරේ අවධානය යොමු කළ යුතු වේ.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රත්තරන් බඩු උගස් කරන ස්ථානවල ඇති පෝලිම සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් මීට වඩා වෙනස් පිළිවෙලකට සිතීම ආරම්භ කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.