යුරියා නැතිනම් පලා වර්ග නැහැ

mukunuwanna

බොහෝ දෙනා පලා වර්ග කෑමට ගන්නේ ඉතා ගුණදායක ආහාරයක් ලෙසිනි. අවාසනාවකට පලා වර්ග වගාව බෙහෙවින්ම පොහොර භාවිතය මත රඳා පවතී.ඉදිරි සති කීපයේ දී රටේ පලා වර්ගවල (කීර) හිඟයක් ඇති විය හැකි බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පෙන්වා දෙයි. ප්‍රධාන හේතුව යුරියා පොහොර පොහොර හිඟයයි. ආණ්ඩුව පොහොර සැපයුම්කරුවන්ට නිසි පරිදි ගෙවා නැති බවයි වාර්තා වන්නේ. දැනට මාස තුනක කාලයක පමණ සිට යුරියා තමන්ට ලැබී නැති බවයි පුත්තලමේ ගොවීන් පවසන්නේ.

වෙළෙඳ සල් වලද පොහොර මිලදී ගැනීමට නොමැති බව මේ ප්‍රදේශවල ජිවත් වන ගොවින් පෙන්වා දෙයි.

ආරියගම ,මුහුණුවටවන, වෙහෙර කැළේ ,බංගදෙනිය ඇතුළු දැඳුරු ඔය දෙපස පිහිටි ගම්මාන කීපයකින් ශ්‍රී ලංකාවේ කීර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයයි.ගොවි සංවිධාන පෙන්වා දෙන ලෙස එය සියයට හැත්තෑ පහක් බවයි.සමස්ථ ලංකාගොවිජන සම්මේලනයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක අජිත් ගිහාන් මහතා ත් ප්‍රකාශ කර සිටියේ, ගංවතුර හේතුවෙන් විනාශ වූ වගාව ගොඩ ගැනීම සඳහා පොහොර අත්‍යවශ්‍ය වුවත් පොහොර නොමැති වීම හේතුවෙන් සැලකිය යුතු පිරිසක් වගාවෙන් ඉවත්ව ඇති බවයි. යුරියා පොහොර ගොවීන්ට මුදලට හෝ ලබාදීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බව ද අජිත් මහතා වැඩිදුරටත් පැවසිය.

මේ සිද්ධියෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව රසායනය පොහොර භාවිතයට කොතෙක් නැඹුරු වී ඇත්ද යන්නයි.

දැනට වසර දහයකට පෙර රුපියල් 350 ට පොහොර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව තීරණය කිරීම නිසාවෙන් රටටත්, සමාජයටත්, පරිසරයටත්, සිදුවූ හානිය එමගින් ලැබූ ආර්ථික ලාභයට වඩා දහස්ගුණයකින් වැඩිය. එනම් රටේ රසායන පොහොර භාවිතය පසුගිය දශකය තුළ ඉතා සීඝ්‍රයෙන් ඉහල ගියේය. එය ඊට පෙර දශකයට වඩා දහස්ගුණයකටත් වඩා වැඩිය. එම පොහොර භාවිතයෙන් රටේ ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණයට ලක්විය. විශේෂයෙන් රජරට ජනතාවට වසංගතයක් ලෙස වකුගඩු ආබාධ ඇතිවිය. ඇල, දොල හා වැව්වල ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශවිය. ඇල, දොල, ගංගා, මිනිස් පරිභෝජනයට ගත නොහැකි තරම් තත්ත්වයකට පත්විය. මෙම හානිය අප අස්වැන්නෙන් ලබාගත් ආර්ථික ලාභයට වඩා ඉතා වැඩිවිය.

යූරියා හිඟය හේතුවෙන්හි කීර අස්වැන්න අඩුවීම ප්‍රතිරූපණය කරන්නේ මේ විනාශයයි. බණ්ඩාරගම කිඳෙල්පිටිය කීර වවන හැටි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.