වෝහාරික වාර්තාව : පාර්ලිමේන්තුවට කාලෝ අයංතේ

Central Bank

මේ වන විට මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව වෝහාරික වාර්තාව හරහා අංග සම්පූර්ණ තොරතුරු පාර්ලිමේන්තුව වෙතට ලබාදී ඇති හෙයින් එය පෙබරවාරි 18-19විවාදයට ලක් කිරීමෙන් අනතුරුව කතානායකවරයාට නීතිපතිවරයාට නියෝගයක් දී අධිකරණ කටයුතු ආරම්භ කරන ලෙස දැන් විය හැකි බව විචාරකයෝ පවසති.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ මෛත්‍රී-රනිල් ආණ්ඩුව කාලයේ සිදුවූ අක්‍රමික ගනුදෙනු හේතුවෙන් රටට රුපියල් බිලියන ගණනක පාඩු සිදුවී ඇත. රොෂෙන් චානක ලා දිවි කැපකොට සුරැකි අර්ථසාධක අරමුදලට කොකා පෙන්වා ඇත.

පාර්ලිමේන්තුව කතා සාප්පුවක්

රජයේ ජේෂ්ඨ විගණන නිලධාරීන් සැක මුසුව බලා සිටින්නේ පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත්වී එකිනෙකාට මඩ ගසා ගෙන මේ විවාදය අවසානයේ සියලු බැඳුම්කර හොරුන්ට ඉපැයූ ධනය රිසිසේ වියදම් කරන්නට අවශ්‍ය සහතිකය ලබාදේ ද යන්නයි.

නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ මහ බැංකුව වෙත ඉදිරිපත් කළ නිර්දේශය දහ අටම හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මැනවින් ක්‍රියාවට නංවා ඇතැයි ජේෂ්ඨ විගණන නිලධාරීහූ මාධ්‍යයට පවසති. වෙනත් ලෙසකින් කියතොත් අවශ්‍ය සියල්ලම සිදුව ඇත.

දැන් ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මුතිය මත නීතිය රෝදය කැරකවීම පමණි. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මහ බැංකුවට ද මේ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට සිදු වෙන බවයි. එහෙත් ඒ පියවර මොනවාද යන්න තීරණය වෙන්නේ පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුවයි.

වෙනම නඩුවක් පැවරීමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස වෙනම නඩුවක් පැවරීමට කටයුතු කළ හැකි බවයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ. මේ සඳහා ඔහු තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා නීතිපතිවරයාට ඉල්ලීමක් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු මුදල් ඇමතිවරුන් වන රවි කරුණානායක, මංගල ස මරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කතා කිරීමට නියමිතය.

බැලූ බැල්මට හැම පැත්තකම හොරු සිටින බව පෙනේ. හොරු රකින්නේ නැති විවාදයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.

විමුක්ති ඇහැලියගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.