සර්ව පාක්ෂික සමුළුව කින් වැඩක් වේවිද?

කෙරෝනා වසංගත තත්වය හමුවේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසීම සදහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කරු ජයසූරියට අනුව සියළු අංශ මැනවින් කළමණාකරණය කීරිමට රජය දරණු ලබන උත්සාහයටද කිසිදු භේදයකින් තොරව සෑම පාර්ශවයකම පූර්ණ සහය ලබාදීම පැහැර හල නොහැකි වගකීමකි. එසේනම් සර්ව පාක්ෂික සමුළුවක් කුමකට ද යන ප්‍රශ්නය මතුවේ.

දැන් පවතින මස් යටතේ පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩපිළිවෙළක් දියත් කොට ඇත.

විපක්ෂය පොල් ගාන්න ද?

මෙම වැඩපිළිවෙළට සහාය දෙනවා හැරෙන්නට විපක්ෂය කුමක් කරන්නද? විශේෂයෙන් කරු ජයසූරිය ම පෙන්වා දුන් පරිදි ආත්ම ගෞරවය රැකෙන දේශපාලනයක් උරුම කර දීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී ඇත.

තත්වය එසේ තිබියදී එවැන්නන්ගේ උපදෙස් ගෙන තත්ත්වය අවුල් කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ ගමන් සගයින්ට අවශ්‍ය නොවනු ඇත.

අසමත් කණ්ඩායමක්

අනික් අතට රටට ඉන් සැලසෙන වාසියක් නැත. කරු ජයසූරිය සඳහන් කරන බොහෝදෙනා අසමත් පුද්ගලයින් බැවිනි. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යම් යම් දුර්වලතා ඇති නම් ඒවා පෙන්වා දිය හැක.

එහෙත් මේ බැරෑරුම් මොහොතේ ප්‍රයෝජනයකට නැති කතා සාප්පුවලින් සිදුවන්නේ දැනට ගෙනියන වැඩපිළිවෙල අඩාලවීම පමණි. සිවිල් හරි පාලනයට වඩා වඩා හමුදා පරිපාලනය ළංකර ගැනීම වරදක් බව පෙන්වා දිය හැකිය.

ඇත්තෙන්ම සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක එසේ විය යුතු නැත. එහෙත් 2015 සිට රට පාලනය කළ යහපාලන කළමනාකරුවන් සිවිල් යාන්ත්‍රණ නාස්ති කොට අකර්මණ්‍ය කළ විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙන කුමක් කරන්නට ද?

පක්ෂ නායක රැස්වීම්, පාර්ලිමේන්තුව යළි කැඳවීම. යනාදී මේ ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදය විගඩම් වලට වඩා වැඩි යමක් නොවේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ සේ පෙන්නුම් කළද prime වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මේවා නාස්තිකවාදය සංකේත බවට පත්වී ඇත.

සියලු දෙනාම එකම සිතින් පවතින වැඩ පිළිවෙළට අනුගත වි එතනින් එහාට කල්පනා කළ යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැරදි ඇත්නම් ළඟ එන මැතිවරණය දේවල් නිවැරදි කළ හැකිය. එහෙත් දැනට ඔහු බහුතරය විසින් පත්කළ ජනාධිපතිවරයාය. ඔහු යමක් කරන්නට උත්සාහ දරමින් සිටී.

ඊට සහයෝගය ලබාදීම සඳහා වෙන ආ රළු බූරළු සහිත විච්චූරණ අවශ්‍ය නැත. පවතින වැඩපිළිවෙළට සහයෝගය දෙන්න පසුව කතා කරමු කියන්නට තරම් කොන්දක් ජනාධිපතිවරයාට තිබිය යුතුය.

විමුක්ති ඇහැලියගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.