හැමෝගේම ජනාධිපති වීමට වෙරදරන ගෝඨාභය

gotabhaya

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මංගල නිදහස් කතාව පිළිබඳව බොහෝ දෙනාගෙන් ප්‍රශංසාත්මක විවරණ අහන්නට ලැබෙන බවයි lankanewsline වෙබ් අඩවියට වැටහී යන්නේ. මෙම කතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පස් දෙනෙකුට අප කතා කළෙමු ඔවුන් දැක්වූ අදහස් මේ:

මුද්‍රිත මාධ්‍ය කතුවරයෙක්:

ජනාධිපතිවරයා අන්තවාදයට ඉඩ දෙන්නේ නැති බවයි බොහෝ මාධ්‍ය මේ වන විට වාර්තා කොට ඇත්තේ. ඔහු එසේ කියූ බව සත්‍යයකි. විශේෂයෙන්ම ආරක්ෂාව පිළිබඳ කරුණු මුල්කරගෙන බලයට පැමිණි ඔහු තවදුරටත් මේ තේමාව පවත්වාගතයුතු ඇත. එහෙත් ඔහු ඊට වැඩියමක් තම කතාව තුළින් කියා සිටියේය.

‘ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ‘

මෙහිදී ජනාධිපතිවරයා වීමේ නිදහස පිළිබඳ කාරණය අවධාරණය කිරීම වැදගත්ය මන්ද යත් ජනාදිපතිවරයා විසම්මුතිය ඉවසන්නේ නැති පුද්ගලයෙක් බව ඔහුට විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් මාධ්‍ය කාලාන්තරයක් තිස්සේ ප්‍රකාශ කොට තිබීමයි. දැන් මෙය තත්ත්වය ක්‍රියාවෙන් වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බව පෙනෙන්නට තිබේ.

විද්‍යුත් මාධ්‍ය කැමරා කරුවෙක්:

ගෝඨා සර් චාම්බව මොකක්ද කියන එක ක්‍රියාවෙන් පෙන්නන්න හදනවා. එහෙත් මේක අනිත් අයට තේරෙනවද කියන එක තමයි ප්‍රශ්නේ.

සති අන්ත පුවත්පතක විශේෂාංග වාර්තාකරුවෙක්:

ජනාදිපතිවරයා විශේෂයෙන්ම අධිකරණයත් එක්ක හොඳ සම්බන්ධයක් පවත්වා ගන්න උත්සාහ කරන බවයි පේන්නේ. එතුමා මෙහෙම කිව්වා.

“විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි.’

ඒත් දැන් නීතිපතිවරයා , ව්‍යවස්ථාදායක සභාව, වගේ ආයතනත් එක්ක සම්බන්ධය නම් ප්‍රශ්න කටයුතුයි. හැබැයි ජනාධිපතිතුමා ඔලිව් අත්තක් දික් කරල තියෙනවා.

ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියක්:

මිනිසුන්ගේ නිදහස හා ජාතින් අතර සංහිදියාව ගැන අර්ථවත් ආකාරයට ජනාධිපතිතුමා කතා කළා. මේ පණිවිඩය ඉස්සරහට ගෙනියන්න ඕනෑ ජනාධිපතිතුමා වටේ ඉන්න වියතුන්  කට්ටිය. විශේෂයෙන් වියත්මග දැන් ඒගොල්ලන්ට තියෙන්නේ අලුත් භූමිකාවක්. ඒ භූමිකාවට ඒගොල්ලෝ ක්‍රියාත්මක උනොත් විතරයි ජනාධිපතිතුමාට වැඩවසම් රාමුව බිඳගෙන එළියට එන්න පුළුවන් වෙන්නේ.

තමන් සේවය කරන ආයතනයේ මතය හා පෞද්ගලික මතය අතර ගැටුමක් ඇති විය හැකි හෙයින් නිර්නාමිකව තමන්ගේ අදහස් පළ කරන්නයි මෙම මාධ්‍යවේදීන් ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.