
සාමාන්‍යයෙන් ජපානය සහ කොරියාව හමුවන මාරාන්තික දිලීර වර්ගවලින් එකක් පළමු වතාවට ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව මීට මාස කීපයකට පෙර වාර්තා විය. උග්‍ර විෂ සහිත රතු පැහැති මෙම දිලීර වර්ගය ‘ෆයර් කොරල්’ ලෙස හඳුන්වන අතර, මෙතෙක් කල් දැකගත ජපානය සහ කොරියාවේ ආශ්‍රිතව අම්මෝ මේ දිලීරය ඕස්ට්‍රේලියාවට ගියේ කෙලෙසද යන්න ප්‍රහේලිකාවක් බවට පත්ව තිබේ. ශරීරගත වුණොත්, මොළයට හානි සිදු කරන අතර, බිහිසුණු මරණයක් අත්වෙයි.
සම හරහා අවශෝෂණය වන එසේත් නැතිනම් උරාගන්නා, මෙතෙක් හඳුනාගෙන ඇති එකම හතු විශේෂය මෙයයි. මේ හතු වැරැදීමකින් ආහාරයට ගතහොත් පළමුවෙන් වමනය, පාචනය, උණ ඇතිවෙයි. දෙවනුව සිරුර අප්‍රාණික වෙයි. කතා කිරීමේ හැකියාව නැතිවෙයි. කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණ වෙද්දී, සිරුරේ ඉන්ද්රියයන් එකිනෙක අඩපණ වෙයි. ඒ අනුව වේදනාකාරී මරණයක් අත්වෙයි. ඕස්ට්‍රේලියාවෙන් හමුවුණු පළමු අවස්ථාව මෙය වුවත්, මේ විස හතු ජපානයටත් දකුණු කොරියාවටත් ආවේණිකය. මේ ගැන පැහැදිලි කරන්නේ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැට් බැරෙට්ය.
ඕස්ට්‍රේලියානුවන් මරණයට පත්ව
මේ විස හතු මෙන් රතු තැඹිලි වර්ණයෙන් යුත්, හතු විශේෂයක් ඕස්ට්‍රේලියාවේ දකින්න ලැබේ. ඒවා විස නොමැති අතර ආහාරයට ගැනීමත්, ඒවා ඇසුරින් ඔසු පැන් සකසා ගැනීමත් සිදුවෙයි. එහෙයින්, එම හතු යැයි සිතා ‘පොයිසන් ෆයර් කොරල්’ ආහාරයට ගත් ඕස්ට්‍රේලියානුවන් කිහිප දෙනකු මියගොස් ඇතැයි ද වාර්තා වේ. ‘පොයිසන් ෆයර් කොරල්’ හතු දකින්න ලැබී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මුහුදට නුදුරිනි.
ආසියාවේ වෙනත් ප්‍රදේශයක තිබුණ මෙම දිලීර වර්ගය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවීමත් සමඟ එහි ව්‍යාප්තිය ගැන “අවධානය යොමු කළ යුතු” බව පරීක්ෂකයෝ පවසති.
මෙය යමෙක් හිතාමතා කළ දෙයක් ද එසේ නැත්නම් අහම්බෙන් සිදු වූ දෙයක් දෙන්න පිළිබඳව
තවමත් හරි හෝඩුවාවක් ලැබී නැත.
‘කෑන්ස්’ නගරය ආසන්නයේ පිහිටි වැසි වනාන්තරයක තිබූ මෙය ප්‍රදේශවාසියෙකු ඡායාරූපගත කර ඇති අතර, එම ඡායාරූපය මගින් අදාළ දිලීර වර්ගය හඳුනාගෙන තිබේ.
චීනය, තායිලන්තය සහ පැපුවා නිව් ගිනියාවේ ද මෙම දිලීර වර්ගය දුටු බව වාර්තා වී ඇතැයි ආචාර්ය මැට් බැරෙට් පැවසුවේය.
වසර දහස් ගණනකට පෙර මෙම දිලීරයේ බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි ඔහු සැක පහළ කරන්නේය.
“බිම්මල් සොයා යන විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ දකින්න නැහැ….ඒ නිසා මේ වෙනකම් මෙය සොයාගත හැකි වුණේ නැහැ,” ඔහු බීබීසී වෙත පැවසීය.
මෙම දිලීරය ඇතුළු මින් පෙර නොදුටු වර්ග විස්සක් පසුගිය සය මස තුළ ඕස්ට්‍රේලියාවෙන් සොයාගැනීමට හැකි වූ බව ඔහු තවදුරටත් පැවසීය.