ජනාධිපති නියමයෙන් හදිසි නීතිය

maithripala-sirisenaරට තුළ හදිසි නිතිය දින 10කට පැනවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

දිගන සිද්ධියේ පරික්ෂණ රහස් පොලිසියට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ ගැන සොයා බැලිමට රහස් පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

මේ ජාතිවාදී ආගම්වාදී තීව‍්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම තමන් වෙත පැවරී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. වර්තමාන ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සළසා දීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.