පොලිසියේ දෙදෙනෙක් චුන්නාකම් වලදී කපා දමයි

Jaffna Police Officersදිනසේන රතුගමගේ
යාපනයේ චුන්නාකම් ප්රදේශයේදී පොලිස් විශේෂ ඒකකයේ සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු අද (23 දා) දහවල් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට ඇතැයි යාපනය පොලීසියේ නිලධාරියෙකු පැවසීය.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර වැඩි වශයෙන් තුවාල සිදුව ඇත්තේ පොලිස් කොස්තාපල්වරයාට බවද වාර්තාවේ. ඔවුන් මෙම ප්රහාරයට ලක්ව තිබෙනනේ පොලිස් වෙඩිතැබීමකින් මියගියේ යැයි කියන විශ්ව විද්යාල සිසුවාගේ කන්දරෝඩෙයි ප්රදේශයේ පිහිටි නිවස වෙත යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අතරතුර වෙළෙදසැලක් අසල නතර වී සිටි අවස්ථාවකදීයි.

පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් සාමාන්යයෙන් නිල ඇදුම් පැළදීමක් සිදු නොකරණ බව පොලීසිය පවසයි.  උතුරු පළාත බාර ජෙයෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා 22 වෙනි සෙනසුරාදා විශේෂ නියෝගයක් නිකුත් කරමින් පොලිස් නිලධාරීන් සන්නද්ධ කණ්ඩායම් වශයෙන් මිස තනිව හෝ දෙදෙනා බැගින් පොලිස් ස්ථානවලින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබියදී මේ දෙදෙනා රාජකාරී අවශ්යතාවයක් උදෙසා යතුරු පැදියකින් ගමන් කොට තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.