මුසම්මිල්ගෙන් සංගාට – මහේලට සතියක කාලයක්!

kuma - mahelaප්‍රසිද්ධ පොප් ගායක එන්රිකේ ඉග්ලේෂියාස්‌ගේ සෙක්‌ස්‌ ඇන්ඩ් ලව් සංගීත ප්‍රසංගයේදී විනෝද බද්ද සඳහා අය විය යුතු රුපියල් දෙකෝටි අනූ එක්‌ ලක්‍ෂ විසිපන්දහක මුදල කොළඹ නගර සභාවට ගෙවීමට එම ප්‍රසංගය සංවිධානය කළ කුමාර් සංගක්‌කාර් සහ මහේල ජයවර්ධනට අයත් සමාගමට සතියක පමණ කාලයක්‌ ලබාදෙන බව කොළඹ නගරාධිපති එම්. මුසම්මිල් මහතා පවසයි.

මෙම ප්‍රසංගය සංවිධානය කළ ආයතනයේ ඉකුත් සති අන්තයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නීතිඥවරයකු තමා හමුවීමට එවූ බවත් එම සමාගමේ කළමනාකරුවෙක්‌ ඒ සඳහා පැමිණිය යුතු බව කියමින් තමා එම නීතිඥවරයා ආපසු හරවා යැවූ බවත් හෙතෙම පැවසීය.

මෙම ප්‍රසංගය සඳහා ඉතා වැඩි මිලට ටිකට්‌ අලෙවිකර මුදල් ඉපයූ බව කී කොළඹ නගරාධිපතිවරයා අදාළ සමාගමේ කළමනාකරුවෙකු කොළඹ නගර සභාවට ගෙවිය යුතු මුදල් පිළිබඳ තමා සමඟ ස්‌ථිර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සතියක්‌ ඇතුළත ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවද පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.